ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළට

Published in විදෙස්
Wednesday, 03 July 2024 09:47

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) පස්වරුවේ, මෙම තෙරපිම සිදුව ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති සත්සංග් නැමැති උත්සවය අතරතුරේදීයි.

වාර්ෂිකව පැවැත්වෙන සත්සංග් උත්සවයට බැතිමතුන් දහස් ගණනක් පැමිණෙන බව විදෙස් වාර්තාවන්හි සඳහන් විය.

ඊයේ දිනයේ සත්සංග් උත්සවයට අපේක්ෂිත සංඛ්‍යාව ඉක්මවා බැතිමතුන් පිරිසක් සහභාගී ව තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තෙරපීමෙන් අනතුරුව විශාල පිරිසක් මලාපවහන පද්ධතියකට ඇද වැටීම මරණ ඉහළ යාමට හේතුව බවයි.

මියගිය116 දෙනා අතර කාන්තාවන් 108 දෙනෙකු සහ ළමුන් 7 දෙනෙකු සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

එරට පොලීසිය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අනතුරට හේතුව සෙවීමට වහා විමර්ශනයක් ආරම්භ කළ බව උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ද මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කර තිබේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us