TEJC අඹ අපනයනය සදහා පමණක් වගා කරන්න සුදානමක්

Published in පුවත්
Wednesday, 03 July 2024 09:38

මේ වනවිට අප රට තුළ පමණක් නොව විදේශ වෙළෙඳපළේ පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන අප රටේ නිෂ්පාදිත TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීමට පියවර ගැනීම නිසා එම අඹවල ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ලවෙමින් පවතිනවා.

TEJC අඹ ප්‍රභේදය සාමාන්‍ය වගාවක් වශයෙන් පවත්වාගෙන යාමත්, එම අඹ පැළ විශාල වශයෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කිරීමට පියවර ගැනීමත් නිසා එම අඹ වගා කළ යුතු නිවැරදි ආකාරය ගොවි මහතුන් වෙතින් ගිළිහී යමින් තිබෙනවා.

දැනට වෙළෙඳපළේ අලෙවි කරන එම අඹ නිසි ප්‍රමිතියට වගා කළ ඒවා නොවන බව පෙනී යයි. අඹ ගෙඩිය මතුපිට දීප්තිමත් කහ වර්ණයක් දක්නට නොමැති අතර අඹ ගෙඩිය මතුපිට පුස් බැඳී ඇති බවක් දිස්වේ.

පරිභෝජනය සඳහා මෙම තත්ත්වය ගැටළුවක් නොවුනත්, අපනයනයේ දී නිසි ප්‍රමිතීන් අනුගමනය කළ යුතුව තිබෙනවා.

මේ නිසා මෙම අඹ ප්‍රභේදය සුලභවීම මත ඉදිරි කාලය තුළ අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ද, එසේ වුවහොත් දැනට මෙම අඹ අපනයනය මගින් රටට ලැබෙන ඉහළ ආදායම අහිමි විය හැකි යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන TEJC අඹ ප්‍රභේදය තවදුරටත් වගා කිරීම අපනයනය බෝගයක් සේ සැළකිල්ලට ගනිමින් ව්‍යාප්ත කිරීමේ සැළසුමක් සකසන්නැයි අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

එමෙන්ම දැනට අප රටේ TEJC අඹ ප්‍රභේදය වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි වාර්තාවක් සකසන ලෙසත්, අවශ්‍යතාවය අනුව එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නම් මින් ඉදිරියට TEJC අඹ ප්‍රභේදය වගා කිරීමේ දී වෙළෙඳපල අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් ව්‍යාප්ති කටයුතු සිදු කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවා.

-ITN

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us