වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට අධිකරණ දෙකකින් නියෝග

Published in පුවත්
Thursday, 04 July 2024 09:23

කොළඹ මාර්ග කිහිපයක් අවහිර නොකරන්නැයි නාමල් කරුණාරත්න ඇතුළු වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට අධිකරණ දෙකකින් නියෝග නිකුත් කර තිබේ.

අද (03) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයයෙනි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවින් සුරැකීමේ මධ්‍යස්ථානය හා වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළ මෙම නියෝග නිකුත් කෙරිණි.

ඒ අනුව නාමල් කරුණාරත්න, ටී.බී සරත්, සුසන්ත කුමාර, සුමිත් අත්තනායක, බණ්ඩාර රඹුක්වැල්ල, සෝමසිරි රණසිංහ, නිලන්ත සිල්වා, සහ ඔවුන්ගේ සමාජිකයින් හා සහභාගි වන අය සඳහා මාර්ග කිහිපයකට ඇතුළුවීම හා අවහිර නොකරන ලෙස නියෝග කර තිබේ.

එම නියෝගයේ දැක්වෙන්නේ විරෝධතාකරුවන්ට කොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ටෙලිකොම් හංදියේ සිට සෙරමික් හංදිය දක්වා ද, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු මුවදොර වටරවුම ද අවහිර නොකරන ලෙසය.

මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට සංදේශ භාරදීම හා සාකච්ඡා පැවැත්වීමට ඉතා සුළු කණ්ඩායමකට වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නිත්‍යානුකූලව ලබා ගත් අවසරයක් මත පමණක් ඇතුළුවීමට බාධාවක් නොවන බව ද අදාළ අධිකරණ නියෝගයේ දැක්වේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසටත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රතිපාදන ප්‍රකාරව අඥාවක් නිකුත් කර කෙරිණි.

එමෙන්ම නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණය කිරිමේ මූලික අයිතිවාසිකමට අධිකරණ නියෝගයෙන් කිසිදු බාධාවක් නොවන බව ද එහි සඳහන්ය.

-P.M

Last modified on Thursday, 04 July 2024 09:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us