හිටපු රුසියානු ආරක්ෂක ඇමති සහ මාණ්ඩලික ප්‍රධානීට ජාත්‍යන්තර වරෙන්තු

Published in විදෙස්
Thursday, 27 June 2024 13:18

හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති ජාත්‍යන්තර අපරාධ, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සර්ගෙයි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කළේය. මොවුන් දෙදෙනා සිවිලි ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කිරීමට, සිවිල් ගොඩනැගිලිවලට හානි කිරීමට සහ සිවිලි වැසියන්ට හානි කිරීමට වගකිව යුතු බවත් ඒවා යුද අපරාධ බවත් වරෙන්තු නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම වරෙන්තුව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ෂොයිගුගේ නායකත්වයෙන් යුත් රුසියානු ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රුසියාව තුළ අධිකරණ බලයක් නොමැති බවත් ඒ හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවලද කිසිඳු වගකීමක් නොමැති බවත්ය.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us