ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුවට ගිනි තබයි Featured

Published in විදෙස්
Wednesday, 26 June 2024 09:07

ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බවයි.

එරට සෑම ප්‍රදේශයකම විරෝධතා ක්‍රියාත්මක වී ඇති අතර නයිරෝබි අගනගරයේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

විරෝධතාකරුවන් අතර හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ සොහොයුරියක වන අවුමා ඔබාමා ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ පිළිබඳව එරට ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ විරෝධතාකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවයි.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ.

විරෝධතා සඳහා හේතු වූ මූල්‍ය පනත් කෙටුම්පතට අනුව අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ කිහිපයක් සඳහා අගය එකතු කිරීමේ බද්දක් එක් කිරීමට නියමිත වූ බව සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය සතියේ සිට ඊට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් බදු වැඩි කිරීම් කිහිපයක් පනත් කෙටුම්පතින් ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us