යුද්ධයෙන් පලස්තීන ළමයින් 21,000ක් අතුරුදන්

Published in විදෙස්
Tuesday, 25 June 2024 08:41

ගාසා යුද්ධය අතරතුර පලස්තීන ළමයින් 21,000ක් ආගිය අතක් නොමැති බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පළකළ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

ඉන් ළමයින් 4,000ක් මියගොස් ඇතැයි ගණන් බලා ඇති එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මළසිරුරු කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී තිබෙන්නට ඇති බවය.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායලය තුළට ඇතුළුවී එල්ල කළ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කළේය.

එම ප්‍රහාරවලින් ගාසා වැසියන් 37,500කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වී ඇති අතර ඉන් බහුතරය ළමයින්ය.

මෙලෙස අතුරුදන් වූ ළමයින්ගෙන් බහුතරය දෙමාපියන්ගෙන් වෙන්වීම හේතුවෙන් ඔවුන් සොයාගැනීමට නොහැකිව තිබේ.

යුද්ධය අතරතුර අතරමං වූ දරුවන්ට යළි දෙමාපියන් මුණුගැස්සවීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ නමුත් උග්‍ර වන ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය අසීරු වී ඇති බව වාර්තා වේ.

මේ අතර මීට අමතරව ඊශ්‍රායල හමුදාව අත්අඩංගුවට ගෙන සිරගත කළ දරුවන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

සේව් ද චිල්ඩ්‍රන් වාර්තාවට අනුව ගැටුම්වලින් ඊශ්‍රායල ළමයින් ද 33 දෙනෙක් මියගොස් තිබේ.

එමෙන්ම හමාස් සංවිධානය ඔක්තෝබර් 7 සිදුකළ පැහැරගැනීම ඇතුළු පැහැරගැනීම්වලට ලක්වූ තවත් ඊශ්‍රායල ළමයින් පිරිසක් ගාසා තීරයේ සිටින බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us