subash
පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම මොහොත වන තුරුත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දීමක් කර නැත.
උරුමය වැඩසටහන කඩාකප්පල් කරන නිලධාරීන්ට කළයුතු දේ ජනපති කියයි
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවේ
පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සමහරු සුබ ආරංචියට බය වෙලා ,භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දුවනවා - මනුෂ කියයි
රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දිවීමට පටන් ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ.
පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන මස සිට
පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (24) උපදෙස් දී තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ගාසා යුද්ධය අතරතුර පලස්තීන ළමයින් 21,000ක් ආගිය අතක් නොමැති බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පළකළ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.
