සමහරු සුබ ආරංචියට බය වෙලා ,භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දුවනවා - මනුෂ කියයි Featured

Published in පුවත්
Tuesday, 25 June 2024 09:32

රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දිවීමට පටන් ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (24) උදෑසන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාමත් කාර්යක්ෂම ආකාරයෙන් කටයුතු කරන ආයතයක්. විදේශ ගත ශ්‍රමිකයින්ගේ මුදල් නීත්‍යානුකූලව රටට ගෙන්වා ගැනීම සදහාත් කාර්යක්ෂමක කටයුතු කළා.

මේ රටට වින කරන, කවදාවත් මේ රට ගොඩ ගන්න ඉඩ දෙන්නේ නැති, මේ ර්ටේ මිනිස්සුන්ට ආදරය කරන්නේ නැති, ජනතාව පෝලිම්වල මැරෙනවාට කැමැති, බෙහෙත් නැතිව මැරෙනවාට කැමැති, පාසල් වහලා තියෙනවාට කැමැති, විදුලිය, කිරිපිටි නැතිවෙනවාට කැමැති අය රටට සල්ලි එවන්න එපා කිව්වා. කවුරුවත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ තමයි මෙහෙම කිව්වේ. ඒත් විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ඩසර දෙක තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 12ක විතර මුදලක් මේ රටට එවලා තියෙනවා. රටට නැවත හුස්මගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට ශක්තියක් වුනේ විදේශ ගත ශ්‍රමිකයින්, බලපත්‍රලාභීන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.

විගමණික ශ්‍රමිකයින් ලක්ෂයක් සවිබල ගන්වලා, විගමණික ශ්‍රමිකයින් හරහා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා.

තෙල් නැති, ගෑස් නැතිව තිබුණ රට කෙමෙන් කෙමෙන් ගොඩ එනවා. දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න සමහර අය රට ගොඩ එනවාට කැමැති නෑ. අද රට පුරාම සුබ ආරංචියක් කියලා පෝස්ටර් ගහලා තිබුණා. සමාජ මාධ්‍යවල ගොඩක් අයගේ ඉත්තෑවෝ දුවනවා මන් දැක්කා. ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ වෙලා. මේ ගැන කියන්න මට වචනත් නෑ. කලබල වෙලා. සුබ ආරංචියක් එනවාට මේ අය බයයි. රටට සුබ ආරංචියක් එනකොට අපිට ගොඩ යන්න බැරිවේවිද කියලා තමයි ඒ අය හිතන්නේ. මිනිස්සු අමාරුවේ වැටෙන එක නතරවේවිද කියලා බය වෙලා ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ හතර අතේ දුවන්න අරගෙන තියෙනවා. රටේ මිනිස්සුන්ට ආදරේ නම්, ර්ටේ ජනතාවට ආදරේ නායකයෙක් නම්, රටට සුබ ආරංචියක් එන විට හැමෝම සතුටුවෙන්න ඕන. රටට අසුබ ආරංචිවෙනකම් බලාගෙන හිටපු අයට නම් ඉදිරියේදී අසුබ ආරංචි තමයි එන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටට ආදරේ අයෙක් විදියට, මේ අභියෝගය භාරගත්තා. ර්ටේ මිනිස්සුන්ට ආදරේ නොකරන, තමන්ගේ තනතුරට විතරක් ආදරේ නායකයා එදා අගමැතිකම භාරගන්න කිව්වාම භාරගත්තේ නෑ. රට වටේ කයිය ගහගෙන යන කයිය නායකයාත් එහෙමයි. භාරගන්න කිව්වාම තමන්ගේ තනතුර ගැන විතරක් හිතුවා. රටේ ජනතාවට ආදරරේ කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අගමැතිධූරය භාරගත්තේ රටේ ජනතාවට ආදරේ නිසා. අද රට හරි තැනට,යළි නොවැටෙන රටක් බවට පත් කිරීම ගැන එතුමාට රටක්, ජාතියක් ලෙස කෘතඥ විය යුතුයි.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආණ්ඩුකාර එම්.මුසම්මිල්, පාර්ලිමෙින්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක, හිටපු අමාත්‍ය සුමේධා ජී. ජයසේන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියා.

 

-ITN

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us