ආරංචිය සුබයි, වචන දෙකට ඇයි මෙච්චර විපක්ෂය බය

Published in පුවත්
Tuesday, 25 June 2024 16:40

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම මොහොත වන තුරුත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දීමක් කර නැත.

එහෙත් ජනාධිපතිවරණ සූදානමක ඔහු පසුවන බව ආණ්ඩු පාර්ශ්වයෙ කියුම් කෙරුම් වලින් පැහැදිලි වෙමින් තිබේ.

මේ අතර ඊයේ දිනයේ සිට ආණ්ඩු පාර්ශ්වයෙන් සිදුව තිබෙන 'ආරංචිය සුබයි' යන ප්‍රචාරක මෙහෙයුම හමුවේ සියලු විපක්ෂ පක්ෂ කණ්ඩායම් බරපතල ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව සමාජ මාධ්‍ය තුල පැහැදිලිව පෙන්නුම් කර ඇත.. ආරංචිය සුබයි කියන වචන දෙක හමුවේ මෙම විපක්ෂ කණ්ඩායම් තමන්ගෙ උපරීම හැකියාව යොදවමින් එම ප්‍රචාරක මෙහෙයුමට පහර ගැසීම සිදු වෙමින් තිබේ.

එක් පොස්ටරයක් හමුවේ භීතියට පත් විපක්ෂ කොටස් වලට, රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් වීම තුළ සිදු විය හැකි අලකලංචිය සිතා ගත නොහැකි වෙන තත්වයක් විය හැකි බවට පත්ව ද තිබේ.

ජනාධිපතිවරයා වසර දෙකක් තුළ රට මුහුණ දුන් බරපතල ආර්ථික අර්බුදයෙන් මුදවා ගෙන රට යළි ස්ථාවර කරමින් ජනතා ගැටළු විසඳමින් යළි රට සංවර්ධනයේ මාර්ගයට ඇද දැමීමට සමත් වීම තුළ විපක්ෂයට යන එනමං නොමැති තත්වයක් ඇති කර ඇති බව මේ වන විට පැහැදිලිය. විපක්ෂ වචන දෙකකට බිය වී ඇත්තේ තමන් වසර දෙක තුනක පටන් ගොඩ නැගූ සිහින මන්දිර බිඳ වැටීමේ අනතුර නිසාය. මේ වන විටත් විපක්ෂ විසින් සිදු කරන සමීක්ෂණ වලත් ජනාධිපති රනිල් වේගයෙන් ඉහළම තැනට පත් වෙමින් තිබෙන බවත් අණාවරණය වී ඇත.

විපක්ෂය බලාපොරොත්තු වූයේ ජනාධිපති රනිල් ජනාධිපතිවරණය කල් දැමීමක් හෝ ඉදිරිපත් වීමක් හෝ නොකරනු ඇති බවය. නමුත් මේ වන විටත් දැවැන්ත මැතිවරණ මෙහෙයුම් කාර්යාල කිහිපයක්ම ආරම්බ කර ඇති අතර ඊට සම්බන්ධව රට පුරා මහා පරිමාණයේ ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීම සඳහා සූදානමක පසුවන බවත් දැනගැනීමට ඇත.

කොහොම නමුත් හෙට දිනයේ දි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. එම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවව ශ්‍රි ලංකාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදයෙන් ගොඩ එ්මක් සනි‍ටුහන් වෙනු ඇත. එනම් බංකොලොත් භාවයෙන් මිදුනා කියන පණිවිඩය තහවුරු වන්නක් වෙයි.

ආරංචිය සුබයි යන පූර්ව පණිවිඩය මේ වෙනුවෙන් කළ ප්‍රචාරක දැන්වීමක් බව දැනට තිබෙන තොරතුරු අනුව තහවුරුව පවතී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us