ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරිත්වය මේ වර්ෂයේදී වර්ෂ 75 ක් සම්පුර්ණ කරනු ලබන අතර ඒ සඳහා වන සංවත්සරය සැමරීම පිණිස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතන එක්ව වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්ය.
75 වසරක යුනෙස්කෝ භවුල්කාරිත්වය සහ ජයග්‍රහණ සැමරීම, යුනෙස්කෝව විසින් ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති උරුමයන් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම මඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, දෙපාර්ශ්වය අතර පවතින දැනුම්වත් භාවය තවදුරටත් වැඩි දියුණු කිරීම යන අරමුණු පෙරදැරිව 75 වන සංවත්සර උළෙල 2024-07-16 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇත.