ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවේ  

Published in පුවත්
Tuesday, 25 June 2024 15:41

පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම්වලට හෙට (26) අත්සන් තැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

"විශේෂයෙන් රටේ බංකොලොත් භාවය ප්‍රකාශයටපත් කළ පසු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ආධාර සැපයූ මිත්‍ර රටවල රාජ්‍ය නායකත්වයන් සමග විශේෂයෙන් ඉන්දියාව, එවගේම ජපානයේ රාජ්‍ය නායකත්වයන්, චීනය... චීන රාජ්‍ය නායකත්වය පැරිස් ආධාර කණ්ඩායම් ලෝක ප්‍රජාව සමග විශාල සාකච්ඡා ප්‍රමාණයක් පවත්වලා දේශීය සහ අන්තර් ජාතික විශේෂඥ විද්වතුන් රැසකගේ අධාරය සහයෝගීතවය හා මඟපෙන්වීම යටතේ සාකච්ඡාවල අවසන් අවස්ථාවලට මුදල් අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අනෙකුත් පිරිස්වලට හැකියාව ලැබිලා ඒ සමග ඇතිකර ගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම පිළිබඳ දිර්ඝ පැහැදිලි කිරීම ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඒ සඳහා අදාළ ගිවිසුම් හෙට දිනයේදී අත්සන් තැබීම සඳහා පැරිස ඒකබද්ධ ආධාර කණ්ඩායම්වල හමුවීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, භාණ්ඩාගරයේ ප්‍රධානීන් සහ අපේ රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් එරටට පිටත් කර යවා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් එකි ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නා.

ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළා මේ අත්සන් තබන ලබන සෑම ගිවිසුමක් හා එම ක්‍රවේදයන් සම්පූර්ණ විස්තරාත්මක කරනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපත්කරන බවත් ඒ සමගම රටේ සමස්ථ ලාංකිය ජනතාවට ජාතිය අමතලා මේ ජයග්‍රහණයේ සුබ ආරංචිය ලබාදෙන බවත් සඳහන් කළා."

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us