subash
යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධිත ඇමරිකාවේ වර්ජීනියා දූපත්හි පිහිටුවා ඇති ප්ලැනට් ග්‍රීන් ෆෝස් ( planet green force) ආයතනයේ ව්‍යාපෘතියක් වන හරිත පාසල් සංකල්පය සඳහා තෝරාගත් මෙරට ප්‍රථම පාසල ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේදී හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයට ඊයේ (19) මුල්ගල තබනු ලැබීය.
මහ බැංකුවේ 70%කින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවයි
මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
කැසිනෝවලට හරියට බදු ගැහුවේ මේ ආණ්ඩුව- ඇමැති සියඹලාපිටිය කියයි
යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බවත්, එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකියි, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි - ජනපති
මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 959,391 ලෙසයි.
ජුනි මාසයේ පළමු දින 17 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.3% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 17,102 කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 5,070 ක්, චීනයෙන් 4,381 ක් සහ මාලදිවයිනෙන් 3,657 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
2024 වසරේ සංචාරක පැමිණීම් ඉලක්කය වන්නේ ලක්ෂ 23 කි. ඒ අනුව මේ වසර මැදභාගය වන විට එම ඉලක්කයෙන් අඩක් සපුරා ගැනීමේ හැකියාව ලැබී ඇත.

ෆයිසර් එන්නත ලබා දුන්නේ අතුරු ආබාධ රැසක් ඇති බව දැනගෙනලු
අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත.
පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ.
නීතිපතිට සේවා දිගුවක් ලබා දීමේ විධායකයේ තීරණය ආපසු හැරවූ ප්රජාතන්ත්රවාදය
නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ප්‍රතික්ෂේප කර තිබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිගේ විවේචනයට
කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.
ජීවත්වන ගෙදරටත් බදු ගහන්න එකඟ වෙලා.. හර්ෂලාගේ බයිලා
පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.
