නීතිපතිට සේවා දිගුවක් ලබා දීමේ විධායකයේ තීරණය ආපසු හැරවූ ප්‍රජාතන්ත්‍රවාදය   Featured

Tuesday, 18 June 2024 21:15

නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ප්‍රතික්ෂේප කර තිබේ.

සංජය රාජරත්නම් මෙරට 47 වන නීතිපති වේ.

ජනාධිපතිවරයා ඔහුට සේවා දිගුවක් ලබා දීමට උත්සාහ කරන්නේ අනාගත දේශපාලන බල අරමුණකින් බවට ප්‍රධාන විපක්ෂය ඇතුළු පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත්, නීතිපති සංජය රාජරත්නම්ට සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට නොපිළිගනිමින් ඡන්ද 5ක් ද ඊට පක්ෂව ඡන්ද 3ක් ද ලැබී තිබේ.

මෙම තීරණය කුමක් නමුත් මෙහිදී විධායකයේ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ හැකි තරමට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම විශේෂිත කරුණකි. එම තත්වය ගොඩනැගුවේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වීම මෙම තීරණය වඩාත් සුවිශේෂි කරන්නක් වේ.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම වෙනුවෙන් නිරන්තරයෙක් පෙනී සිටි දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට අතර විධායක බලැති ජනාධිපතිධුරය ලැබීමෙන් පසුව එම බලතල සීමා කිරීමට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළේය. එයත් විශේෂ කරුණක් වන්නේ තමන් බලයේ සිටියදීම ධුරයේ බලතල සීමා කරගත් එකම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාස ගතවීමය. යහපාලන ආණ්ඩු සමයේදී අගමැති රනිල්ගේම මැදිහත්වීම මත ගෙන ආ 19 වන සංශෝධනය මඟින් ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළද එය ක්‍රියාත්මක වීම එම ධුරකාලයෙන් පසුවට කල් තැබිණි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටු වීම 21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කෙරිණි. එමගින්
විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථා සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම සිදු විය.

අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණකි.
ඒ අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍යසේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කළේය.

එමෙන්ම ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම සම්බන්ධයෙන් 17 වන ආණ්ඩුක්‍රම සංශෝධනයද ගෙන එනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටි 2001 දීය.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us