එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය. බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර කැසිනෝ ශාලාවලින් නියමිත බදු මුදල අයකර ගැනීම සිදුවන්නේ වත්මන් පාලනය යටතේ බව අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව කැසිනෝ ශාලාවක පිරිවැටුමෙන් 60%ක් රාජ්‍ය ආදායමට එක් කර ගැනීමට රජය සමත්ව ඇති බවයි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ. මීට පෙර කැසිනෝ ශාලාවලින් අය කර ගනු ලැබුවේ ආදායම් බදු පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට බලපත්‍ර සඳහා කෝටි 50ක්, වාර්ෂික අලුත් කිරීම සඳහා කෝටි 50ක් සේම පිරිවැටුමෙන් 15%ක් ලෙස කැසිනෝ ශාලාවලින් අයකරන බවයි. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සේම ඇතැම් ව්‍යාපාර අධෛර්මත් කිරීමත් බදු අය කර ගැනීමේ අපේක්ෂාවන් බව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව මේ වන විට කැසිනෝ සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
මේ අතර ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ප්‍රතිපත්ති තීරණ ගෙන ඇතත්, එය ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිමය පිළිවෙත් කිසිවක් මෙතෙක් සකස්කර නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිසා මෙම බද්ද ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත තීරණයක් එම දෙපාර්තමේන්තුවටද නොමැති බව අනාවරණය වේ.
කෙසේ නමුත්, මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියා සිටින්නේ මෙවැනි ආරෝපිත කුලී ආදායම් බද්දක් අය කිරීම සම්බන්ධව 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ 06 වැනි වගන්තියේ සඳහන්ව තිබෙන බවත් ශුද්ධ වාර්ෂික බදු ගණනය කිරීම ලෙස එම බදු අය කිරීම පිළිබඳව එහි සඳහන්ව ඇති බවය.
මෙහිදී, කිසියම් පුද්ගලයකුට නිවාස කීපයක් ඇත්නම් පදිංචි නිවස බද්දෙන් නිදහස් කෙරෙන අතර, ඉතිරි නිවාසවල වාර්ෂික වටිනාකම ගණනය කිරීමෙන් අනතුරුව ඒවායෙහි නඩත්තු වියදම් සඳහා සියයට 25 ක සහනයක් ලබාදෙන අතර, ඉතිරි කොටස බදු ආදායමට එකතු කෙරේ.
කෙසේ නමුත්, එක් පුද්ගලයකු විසින් කුලියට ලබාදුන් නිවාස සංඛ්‍යාව හෝ ඉන් ලද ආදායම් පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොතිබිණි. එමෙන්ම, එම බද්ද නිසියාකාරව ක්‍රියාත්මක නොවීය. මේ හේතූන් මත 2017 අංක 24 දරන දේශීය ආදායම් නව බදු පනතට මෙම බදු වගන්තිය ඇතුළත් කර නොතිබිණි.
රටේ බදු ආදායම ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යෝජනා ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැරණි පනතේ තිබූ ශුද්ධ වාර්ෂික වටිනාකම නමැති යෝජනාවම “ආරෝපිත කුලී ආදායම් බද්ද“ ලෙස වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් කර ඇතැයි පැවසේ.
කෙසේ නමුත්, කුලිය මත පදනම්ව මෙලෙස බද්දක් අය කිරීමට කටයුතු කරන්නේ නම් මෙම බදු යෝජනාව දේශීය ආදායම් බදු පනතට අලුතින් එකතු කර, එය පාර්ලිමේන්තුව හරහා පනතක් ලෙස අනුමත කරගත යුතුය.
යෝජිත ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක කිරීමේදී අවධානය යොමුකර ඇත්තේ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධව බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
මෙම කුලී ආදායම් බද්ද අයකිරීමේදී සාමාන්‍ය ආදායම් ලබන්නන් පිළිබඳව අවධානය යොමුකර නැතැයිද මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වේ. ඒ අනුව, දේපොළ අයත් ධනවත් පුද්ගලයන් මත පමණක් මෙම බද්ද අයවන අයුරින් බදු නිදහස් සීමා පැනවීමට කටයුතු යොදා තිබේ.
මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික ක්‍රියාදාමය ලබන වසරේ (2025) අප්‍රේල් මාසයේ සිට බලාත්මක කිරීමට නියමිතය. මෙය නව බදු ක්‍රමවේදයක් නොවන බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන සිව් අවුරුදු මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවැනි සමාලෝචනය යටතේ නිකුත් කරන ලද වාර්තාවක ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් යෝජනා කර තිබේ. මේ අනුව, නිවෙසක හිමිකරුවකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම අනුව එම වටිනාකමට බදු මුදලක් අය කෙරේ.
කෙසේ නමුත්, මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු සැලසුමක් නොමැති බවද මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
-P.M