ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

Published in පුවත්
Thursday, 20 June 2024 09:54

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් ‍ ශ්‍රී ලංකා­වට පැමිණෙන බව වාර්තාවේ.


ශ්‍රී ලංකා ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අරමුණින් අද (20) දින පැමිණීමට නියමිතය.

විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පවසන්නේ ඉන්දීය අග­මැති නරේන්ද්‍රගේ ශ්‍රී ලංකා සංචා­ර­යට පෙර, දෙරට අතර ක්‍රියා­ත්මක ව්‍යාපෘති සමා­ලෝ­ච­නය කිරීම සඳහා ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකා­වට පැමි­ණෙන බවයි.

ඉන්දීය ආධාර මත මෙරට ක්‍රියා­ත්මක සහ ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර තිබෙන සංව­ර්ධන ව්‍යාපෘති සමා­ලෝ­ච­නය කිරී­මට අපේක්ෂා කරන ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර ද්විපා­ර්ශ්වික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­ගත හැක්කේ කෙසේ ද යන්න පිළි­බඳ සොයා බලන බවත් පසු­ගිය ජූලි මාස­යේදී අත්සන් කළ ශ්‍රී ලංකා ඉන්දීය ආර්ථික හවු­ල්කා­රිත්ව දැක්ම යටතේ දෙරට අතර සම්බ­න්ධ­තාව වැඩි­දි­යුණු කර­ගත හැකි ආකා­රය පිළි­බ­ඳව ද සොයා බැලී­මට නිය­මි­ත බවත් වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල­යේදී ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා සාකච්ඡා කිහි­ප­ය­කට එක්වී­මට නිය­මි­තව තිබෙන අතර ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස සහ විදේශ කට­යුතු ඇමැති අලි සබ්රි මහ­ත්ව­රුන් හමු­වී­මට ද නිය­මි­තව ඇතැයි විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us