subash
රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ලබන මාසයේ දී අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ජනතාවට
කොළඹ නගරයේ තිබෙන අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ලබන මාසයේ දී ජනතාව වෙත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කීය.
නව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකර ඉදිරියට ගියොත් රට දිනුම් - ජනාධිපති
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථිකය, දේශීය රාමුවකට හැරෙව්වොත් නැවත ආගාධයකට වැටෙනවා - ආචාර්ය චම්පිකා ධර්මදාස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවැනි වාරිකය ද දැන් අපට ලැබී ඇත. අපේ ආර්ථිකය ඔසවා තැබීමට නම් මෙය නිසි පරිදි මෙහෙයවන්නේ කෙසේද?
යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වසරේ පළමු කාර්තුවෙදීම කර්මාන්ත අංශයෙ කැපී පෙනෙන වර්ධනයක්
2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය 5.3 % ක වර්ධනයක් වාර්තා කරද්දී , කර්මාන්ත අංශය 11.8 % කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
