ලබන මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක්

Published in පුවත්
Monday, 17 June 2024 10:16

ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇති බව අමාත්‍යවරයා පවසයි.

ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදෙන බව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළු ලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බව එහිදී සඳහන් කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නවීනතම ‘ස්මාට්බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් වන විට පාසල්වලට ලබාදීමට පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us