නව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකර ඉදිරියට ගියොත් රට දිනුම් - ජනාධිපති

Published in පුවත්
Monday, 17 June 2024 11:26

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට" සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (16) එක් වෙමිනි.
මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට" ජනාධිපතිවරයා පළමුව එක් විය. "දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද ඊයේ (16) මන්නාරමේදී පැවැත්විණි.
වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට, ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේ දී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසදුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවිමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දෙපයින් නඟා සිටුවීමට තමාට හැකි වූ බව පැවසු ජනාධිපතිවරයා ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WIK 1

WIK NEW 2

WIK 3

WIK 4

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-17

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us