ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස උපදෙස්, මැතිවරණ පවත්වන දින ගැනත් නිවේදනයක්

Published in පුවත්
Monday, 17 June 2024 11:53

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසා සිටියි.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු පවසයි.

ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන අතර ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.

මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us