පොහොර සමාගම් දෙක එකතු කරන්න 278 ක් ගෙදර යවයි

Published in පුවත්
Tuesday, 18 June 2024 12:57

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එම පොහොර සමාගම් දෙක මින් ඉදිරියට එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත.‍ අනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකයින් 278 දෙනා සඳහා රුපියල් ලක්ෂ 8සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන්දි මුදල් හිමි වෙන බව අමාත්‍යාංශය පවසයි.

මෙම වන්දි වැඩසටහන සඳහා වැය කරන මුලු මුදල රුපියල් මිලියන 863ක් බවද අමාත්‍යාංශය කියයි.

මෙම සේවක විශ්‍රාම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කිරීම කිරිබත්ගොඩ මාකොල ශවින්‍ රෝ හෝටල් ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us