subash
අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
අක්කර භාගයක දෙළුම් වගාකර රුපියල් මිලියන 3.5ක් උපැයූ උදයකුමාර්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබෙනවා.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර හමුවක්
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් නවදිල්ලියේ දී සිදුවී තිබේ.
අතීතයේ වැපිරූ භීෂණය යළිත් වරක් වපුරා නොහිට ඉදීවිද ? - හිටපු පොලිස්පති චන්ද්‍රාගෙන් අනතුරු ඇඟවීමක්
අතීතයේදී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යළිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි.
රුසියානූ හමුදා සේවයට ශ්‍රි ලාංකිකයින් බඳවා නොගන්න රුසියාව එකඟවෙයි
රුසියානූ සන්නද්ධ හමුදාවල සේවය සඳහා තවදුරටත් ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනිම අත්හිටුවීමට රුසියාව සිය එකඟතාව පළකර තිබේ.
ආණමඩුවේ වැඩිහිටි දීමනාව කොල්ලකෑ නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්
වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
කුකුල් චමින්දගේ ක්‍රියාව වීඩියෝ කළ තරුණයාට ලක්ෂ 5ක මුදල් තාග්‍යක්
වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නමැති පුද්ගලයා දැරියකට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට ඊයේ (12) විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.
පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙද්දී සැකකටයුතු 7ක් අත්අඩංගුවට - විමර්ශන පුළුල් කරන්න සැරසේ
පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.
ශ්‍රී ලංකාවට සුබ බලාපොරොත්තු එක්කරමින් IMF තුන් වැනි වාරිකයටත් අනුමැතිය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
