රුසියානූ හමුදා සේවයට ශ්‍රි ලාංකිකයින් බඳවා නොගන්න රුසියාව එකඟවෙයි

Published in පුවත්
Thursday, 13 June 2024 10:47

රුසියානූ සන්නද්ධ හමුදාවල සේවය සඳහා තවදුරටත් ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනිම අත්හිටුවීමට රුසියාව සිය එකඟතාව පළකර තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා අතර සිදු වූ හමුවකදීය.

රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් අමාත්‍ය සැසිවාරයට සහභාගිවීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රුසියාවට ගොස් සිටී.

සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට විදේශ අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී එකඟතාව පළ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙහිදී රුසියානු සන්නද්ධ හමුදාවට බැඳී සිටින මෙරට පුරවැසියන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවය.

මේ අතර රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා සමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා ලබන 26 සහ 27 පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අදාළ සාකච්ඡා සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන 25 වැනිදා රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ රුසියා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වූ වෛද්‍ය සමන් වීරසිංහ මහතා ද ඇතුළත්.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා සමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේවන විට පැමිණිලි 486 ක් ලැබී ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ 0112 441 146 යන දුරකථන අංකයට ඒ පිලිබද තවදුරටත් තොරතුරු ලබා දිය හැකි වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us