අක්කර භාගයක දෙළුම් වගාකර රුපියල් මිලියන 3.5ක් උපැයූ උදයකුමාර්

Published in පුවත්
Thursday, 13 June 2024 17:40

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබෙනවා.

මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැහැ

නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමග දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින් චෙන්කලඩි පළවායි ප්‍රදේශයේ අක්කර 10ක නියාමණ ව්‍යාපෘතියක් ලෙස දෙළුම් වගාව ආරම්භ කර තිබෙනවා

මෙම දෙළුම් විශේෂය ඉන්දියාවේ වගා කරන භගවාන් නැමැති සුප්‍රකට දෙළුම් විශේෂයක්

අධි ඝනත්ව දෙපේළි ක්‍රමයට (High Density Double Raw System) මෙම වගාව සිදු කළ අතර ඊට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දුන්නා

මෙම දෙළුම් වගාවේ ගොවීන් කිහිප දෙනෙක් අක්කර භාගයක් බැගින් වගා කරනු ලැබූ අතර අස්වනු නෙළීම මේ වනවිට සිදු වනවා

මෙම ගොවීන් සියලු දෙනාම වගාවේ අස්වනු නෙලීම අරඹා මාස 06ක් තුළ මේ වනවිට ඉහළ ආදායමක් උපයා ඇති අතර පළවායි ප්‍රදේශයේ දෙළුම් වගා කළ උදයකුමාර් මහතා මේ වනවිට රුපියල් මිලියන 3.5ක් අක්කර භාගයක දෙළුම් වගාවෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (12) දැනුම් දී තිබෙනවා

මඩකලපුවේ දෙළුම් වගාවෙන් පළමු අස්වැන්නෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වී ඇති අතර තවත් වසර 20ක් පමණ මෙම වගාවෙන් ආදායම් උපයා ගැනීමට හැකි අතර වගාව අවසන් වන විට රුපියල් මිලියන 60ක් එක් ගොවි මහතෙකුට ආදායම් උපයා ගත හැකි බවද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසනවා

දැනට දෙළුම් රටට අවශ්‍ය ප්‍රමාණය මෙරට නිෂ්පාදනය නොවෙන නිසා විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. ඒ සඳහා විදේශ වීනිමය විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යනවා.

නමුත් මේ වනවිට දෙළුම් වගාව මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීමද ඉදිරි කාලය තුළ මෙරටටඅ වශ්‍ය දෙළුම් ප්‍රමාණය මෙරට දීම නිපදවා ගැනීමට හැකි වනු ඇති

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නව දෙළුම් ප්‍රභේද දෙකක් මලී Pink සහ ලංකා Red යනුවෙන් හඳුන්වා දී ඇති අතර මේ වනවිට එම ප්‍රභේද දෙක කල්පිටිය ප්‍රදේශයේ සාර්ථක ලෙස වගා කර ඇත. ඊට අමතරව මඩකලපුව දෙළුම් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් දුන්නා

ඒ අනුව මේ වනවිට තවත් ගොවීන් විසි දෙනෙක් තෝරා ගැනීමට කටයුතු යොදා තිබෙනවා

තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලික අංශයේ ගොවි මහතෙක් ද දැනට සාර්ථක ලෙස දෙළුම් වගාව සිදු කරමින් පවතිනවා.

රසයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ මෙම දෙළුම් ආනයනික දෙළුම්වලට නොදෙවෙනිව පැවැතීම ද විශේෂ කාරණයක් බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසනවා.

-ITN NEWS

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us