අපේ රටේ ආර්ථික තත්ත්වය කෙමෙන් යථාවත් වේවිද? නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන විදිහට අපේ ආර්ථිකය නිර්මාණය කර ගන්න අවශ්‍ය ක්‍රමය කුමක්ද? යනාදී කරුණු කාරණා සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චම්පිකා ධර්මදාස සමඟ කළ සාකච්ඡාව මෙසේ දක්වමු.
IMF තෙවන ණය වාරිකය ලැබීම මෙරට ආර්ථිකය ශක්තිමත් වීමට ලැබුණු උපකාරයක් බව ඇතැමුන් කියනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදාගන්න කලින් ලැබුණු ණය මුදලට හැකි වුණා නම්, IMF තෙවන ණය වාරිකය ලැබීමෙන් ඉතිරියත් ඒ විදිහටම උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉදිරියට තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙළ සඳහා එම මුදල් භාවිත කිරීම ජාතික වගකීමක්. හැබැයි රාජ්‍ය ණය තිරසරත්වය පිළිබඳව තවම ගැටලු ඇති නිසා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම කඩිනම් කර ගත යුතු දෙයක්. ඒ සඳහා ණය ලබාගත් පාර්ශ්වයන් සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා රජය මේ වන විට සැලසුම් කරගෙන යනවා. නමුත්, දේශපාලනමය වශයෙන් පවතින විරුද්ධත්වයන් නිසා සමහර ප්‍රතිසංස්කරණවල තවමත් කැබිනට් අනුමැතිය ලබා ගැනීම අසීරුයි. ඒ නිසා IMF විසින් යෝජනා කරන ලද සමහර ප්‍රතිසංස්කරණ ප්‍රමාද වී තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු මට්ටමක පවතින අතර රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකට ලැබෙමින් පවතිනවා. ඒත්, රාජ්‍ය වියදම්වල අඩුවීමක් තවමත් සිදු වී නැති බව පැහැදිලිව පෙනෙනවා. මැයි මාසේ නිකුත් කරපු ගැසට් නිවේදනයට අනුව රජය මූලික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% සීමා කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ මට්ටම සීමාවීමක් සිදුවන්නේ නම් අය-වැය පරතරය ද අවම කර ගැනීමට හැකියාව ලැබේවි. නමුත්, ස්වභාවික ආපදා සහ හදිසි අවස්ථාවන් රට තුළ පැන නැඟීම බහුල වුවහොත් මෙම සීමාව ඉක්මවා යා හැකියි. ඒ නිසා රජය අතිරේක ආදායම් මාර්ග වැඩිදියුණු කර ගැනීම අනිවාර්ය වෙනවා. මෙහිදී ඩිජිටල්කරණයට නැඹුරු වීම අත්‍යවශ්‍යයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සුරාබදු ඒකකය සහ රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ස්ථාවර කර ගත යුතුයි. මෙම ප්‍රධාන දෙපාර්තමේන්තු අතර තොරතුරු හුවමාරුව කාර්යක්ෂමව සිදු විය යුතු අතර දෛනික ජීවිතයේදී සාමාන්‍ය ජනතාවට කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමට පහසුකම් සැලසීම සහ ව්‍යාපාරිකයින්ට ඒ සඳහා සානුබල සැපයීම සහ එය නිසි අධීක්ෂණයකට ලක් කර ගත යුතුයි. නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම හරහා මෙම කාර්යයන් සාර්ථක කර ගත හැකියි. විනිවිදභාවයකින් යුක්තව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු වුවහොත් දැන් ලැබිලා තියෙන ඩොලර් මිලියන 336ක මුදල ශ්‍රී ලංකාවේ ආර්ථීක ස්ථායීකරණ අරමුණු ළඟා කර ගැනීමට දායකත්වයක් සපයාවි.
IMF තෙවන ණය වාරිකය නිදහස් වීමෙන් අපේ රටේ ආර්ථික තත්ත්වය කෙමෙන් යථාවත් වන බවට සහතිකද?
රටේ ආර්ථික තත්ත්වයන් යථා තත්ත්වයට පත්වීමට ටික කාලයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා පළමුවෙන්ම කළ යුත්තේ ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණය කටයුතු සහ නිෂ්පාදන ක්‍රම ශිල්ප අඛණ්ඩව පවත්වාගෙන යාමයි. මෙතැනදී රටේ සියලු ක්ෂේත්‍රවල සිදු වන කටයුතු අඛණ්ඩව අධීක්ෂණය කිරීමක් සිදු කළ යුතුයි. දැනට ක්‍රියාත්මක වන ආර්ථික වර්ධන හා සංවර්ධන ප්‍රතිපත්තිවල අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට අවශ්‍ය කරන පරිසරය සැකසීමට හා ඒවා අඛණ්ඩව අධීක්ෂණය කිරීමට මෙම ණය මුදල උපකාරී වේවි.
මට පෙනෙන විදිහට රටේ බහුතරය නිෂ්පාදන ආර්ථිකයක් කියන එකට වැරදි අර්ථකථනයක් ලබා දීලා තිබෙනවා. එහෙම නැත්තම් ඒ පිළිබඳව වැරදි වැටහීමක තමයි ඉන්නෙ. බොහෝ අය නිෂ්පාදන ආර්ථිකයක් එහෙම නැත්නම් කෘෂිකර්මය සහ කාර්මික භාණ්ඩ නිපදවීම සම්බන්ධව තමයි කතා කරන්නේ. ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදනය කියන එක තුළ භාණ්ඩ හා සේවා යන දෙකම අඩංගුයි. ඕනෑම ආර්ථිකයක් තුළ ප්‍රධාන අංශ තුනක් පවතිනවා. කාර්මික අංශය, කෘෂිකාර්මික අංශය, සේවා අංශ වශයෙන්. මේ අංශවලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට සිදු වන දායකත්වයේ ප්‍රමාණය මත එරට නිෂ්පාදන ආර්ථිකය කෘෂිකාර්මික ද කාර්මික ද යන්න තීරණය වෙනවා.
කුමන දේශපාලන පක්ෂයක් බලයට පත් වුවත් IMF ප්‍රතිපත්තිය අනුව ගමන් කළ යුතුද? නැතිනම් මේ ප්‍රතිපත්ති වෙනස් කළ යුතුද?
මීට කලින් 17 වතාවක් IMF ගියත්, රට ආර්ථික ස්ථාවරත්වයකට පත් කිරීමට හෝ රට සංවර්ධනය කිරීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාවට ජාතික ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් නොමැති වීම. කලින් කලට පත්වන දේශපාලන පක්ෂ විසින් ඒ පක්ෂ මතිමතාන්තර අනුව ප්‍රතිපත්ති වෙනස් කරනවා. එවිට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අතරමඟ නවතිනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ගිය පිරිවැයට සාපේක්ෂව ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව නැති වෙනවා. රටට නොගැළපෙන සහ කලින් අසාර්ථක වූ ප්‍රතිපත්ති කාලෙන් කාලෙට අලුත් නම්වලින් ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීම නිසා ස්ථාවර ආර්ථික වර්ධනයක් හෝ සංවර්ධනයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ ක්‍රමය ඉතා ලජ්ජාශීලී වැඩක්. එනිසා මින් ඉදිරියට වත් එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමයි කළ යුත්තේ. ජාතික ආර්ථික ප්‍රමුඛතාවන් හඳුනාගෙන ඒවායෙහි ස්ථාවරත්වය පවත්වාගත හැකි ප්‍රතිපත්ති තමයි IMF විසින් යෝජනා කරලා තියෙන්නේ. ඒවා අතර යටිතල පහසුකම් සංවර්ධනය, මහා මාර්ග, ජලය, විදුලිය, අපද්‍රව්‍ය බැහැර කිරීමවෙළෙඳ ප්‍රතිපත්ති මත ඩිජිටල් යටිතල පහසුකම් මූල්‍යමය වශයෙන් ජනතාව සංවිධිත මූල්‍ය අංශයට නැඹුරු කිරීම ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම්පෞද්ගලීකරණය රාජ්‍ය මූල්‍ය කටයුතුවල විනිවිදභාවය ස්ථාපිත කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා. දෙන උපදෙස් නිසි ආකාරයට ක්‍රියාත්මක කළොත් එය හරහා රටෙහි ආර්ථිකයන් ස්ථාවර කරගන්න පුළුවන්. එසේ නොවුණහොත් වන පරිහානිය වළක්වා ගන්න බෑ. මේ දක්වාම රටක් වශයෙන් ලබපු අත්දැකීම් මත පදනම් වෙලා තීරණ ගන්නවානම්, නැවත 2022 ඇති වුණු තත්ත්වයක් ඇති වෙන්නෙ නෑ. ඉතින් කොයි පක්ෂය බලයට පත්වුවත් අනිවාර්යයෙන් කළ යුතු දේවල් එහෙම නැතිව දේශීය ආර්ථික රාමුවකට නැවත වරක් හරවන්න ගියොත් රට මීට වැඩියෙන්ම අගාධයකට පත් වෙන එක වළක්වන්න බැහැ. ඒකට හේතුව තමයි, ශ්‍රී ලංකාවේ මීට කලින් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා අසාර්ථක වෙලා තිබීම. අනික් කරුණ තමයි නිෂ්පාදන පරිමාව හරහා ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඒ භාණ්ඩ හෝ සේවා සඳහා තියෙන ඉල්ලුම මත. එහි දී දේශීය ඉල්ලුම මත පමණක් පදනම් වී රටේ ආර්ථික අභිවෘද්ධිය තීරණය කළ නොහැකියි. ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන රටක්. දැනට රට තුළ නිෂ්පාදනය කරන බොහෝ නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය සැපයෙන්නේ විදෙස් රටවලින්. ඒ සඳහා අවශ්‍ය පිරිවැය සලසා ගැනීමට දේශීය වශයෙන් නොහැකියි. ඒ සඳහා විදේශ විනිමය අවශ්‍යයි. ඒ නිසා විදේශ ඉල්ලුම පිළිබඳවත් සැලකිලිමත් වීම අනිවාර්යයි.
2022 දී රට තිබුණු තැන සහ අද තත්ත්වය අතර වෙනසක් ඔබ දකිනවාද?
පැහැදිලිවම. අද වන විට භාණ්ඩ හා සේවාවන්වලින් පැවති හිඟය මඟ හැරලා තියෙනවා. නමුත්, සමහර ප්‍රශ්නවලට තවමත් විසඳුම් සොයා ගැනීම අසීරු වෙලා තියෙනවා. ඒවට මූලික හේතු වශයෙන් මම දකින්නේ පුද්ගල ආකල්ප සහ හැසිරීම්වලින් විවිධත්වය සහ ගැතිභාවයයි. IMF උපදෙස් හා යෝජනාවලින් බොහෝ කොටස් තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා තියෙන්නේ ඉහත සඳහන් කළ හේතුන්. මේ සඳහා බලපාන අනෙක් කරුණ වන්නේ ප්‍රතිපත්ති පසු විපරම් සිද්ධ නොවීමයි. විශේෂයෙන් රජයේ මිල පාලන ප්‍රතිපත්ති, ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්ති, විනිවිදභාවය සඳහා වූ ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නෑ. සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය තවමත් ලැබිල නෑ. නමුත්, ඒ තුළින් ආයතනික ව්‍යුහය තුළත් ප්‍රශ්න පවතින බව විද්‍යමාන වෙනවා.
නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන විදිහට අපේ ආර්ථිකය නිර්මාණය කර ගන්න අවශ්‍ය ක්‍රමය කුමක්ද?
ලෝක තරගකාරීත්වයට මුහුණ දිය හැකි අන්දමේ නිෂ්පාදන ක්ෂේත්‍රයක් තමයි හැදෙන්න ඕනෑ. නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය මූලික දේ තමයි මූල්‍ය ප්‍රාග්ධනය.
නිෂ්පාදන ආයතනයකට නිසියාකාරව සපයා ගත හැකි නම් භාණ්ඩ හා නිෂ්පාදනය සුරක්ෂිතතාව ආරක්ෂා කර ගත හැකියි. මෙහිදි මූල්‍ය පද්ධතියට විශේෂයෙන්ම මූල්‍ය ආයතනවලට විශාල වගකීමක් පැවරෙන අතරින් ඒ අනුව අත්‍යවශ්‍ය අංශවලට මූල්‍ය සේවා සැපයීම සහ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සහ පසු අධීක්ෂණ මේ අතර ප්‍රධාන වෙනවා. ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් අකාර්යක්ෂම තත්ත්වයකයි පවතින්නේ. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය නොමැතිකම සහ මූල්‍ය ආයතනවලින් මූල්‍ය සේවා ලබා ගැනීමේදී ඔවුනට දැරීමට සිදුවන පිරිවැය විශාල වීම මත අඩු පොලී අනුපාත යටතේ අඛණ්ඩ අධීක්ෂණයක් සහිතව ඔවුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මඟින් ඒ නිෂ්පාදනවල පවතින අකාර්යක්ෂමතාව මඟ හරවා ගත හැකියි. එසේම රටට අවශ්‍ය දෙයක් වන විදේශ විනිමය ඉපැයිය හැකි අවස්ථා පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත්. සංචාරක කර්මාන්තය විධිමත් කිරීම, ශ්‍රමිකයන්ට විදේශගතවීමට ඇති අවස්ථා පුළුල් කිරීම, උසස් අධ්‍යාපන ආයතන පෞද්ගලික අංශය හා විදේශ ආයතන සමඟ බද්ධ කිරීම වගේ දේවල් තුළින් කුසලතාවයෙන් පරිපූර්ණ මානව ප්‍රාග්ධනය නිර්මාණය කර ගත හැකියි. මෙවැනි ක්‍රමවේද හරහා රටේ සහ ජනතාවගේ ආදායම් තත්ත්වයන් සුරක්ෂිත කිරීම, ඉතුරුම් ප්‍රවර්ධනය මඟින් මූල්‍ය ප්‍රාග්ධනය සහ භෞතික ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉහත ප්‍රාග්ධන සමුච්චයක් පැවතීම රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වය තහවුරු වෙනවා. එවැනි තත්ත්වයකදී අර්බුදකාරී තත්ත්වයන්ගෙන් ක්ෂණිකව මිදීමට හැකියාව ලැබෙනවා. මේ දේවල් අමුතු දේවල් නෙවෙයි. එක් එක් අංශවල කටයුතු සම්බන්ධව නිසි අධීක්ෂණය සහ අංශ අතර ක්‍රමවත් සම්බන්ධීකරණයක් සහ කළමනාකරණයක් පමණයි අවශ්‍ය වෙන්නේ.
-දිනමිණ