වැඩ වර්ජන රැල්ල - සාගල රත්නායක Featured

Saturday, 15 June 2024 10:18

ශ්‍රී ලංකාව ඇතුළේ කාලයෙන් කාලයට නිර්මාණය වෙන රැලි කියන්නේ ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තම එය රැලිම විතරක් නගන මුහුදක ඇදෙන නෞකාවක් වගේ. ඒ ඒ කාලවලට රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් කළ හැකි රැලි දිගින් දිගටම නිර්මාණය වෙනවා වගේම ඒවායේ බලපෑමට මුහුණ දෙන්න මේ නෞකාවට සිද්ද වෙනවා. මේ මොහොතේ වැටුප් අළලා සිද්ද කෙරෙමින් තිබෙන වැඩ වර්ජන රැල්ලත් එයින් එකක්.

සාමාන්‍යයෙන් රටක වැටුප් වැඩි වීමක් සිදුවෙනවා නම් රටම තනි ඒකකයක් විදිහට සලකළා වැඩකරන සියලු පුරවැසියන්ගේ වැටුප් තලවල සාධාරණ ඉහළ යෑමක් වෙන එක ගැටළුවක් නැහැ. මොකද රටක උද්ධමනය වැනි සාධක හැමෝටම සමානව බලපාන නිසා. ඒත් බොහෝ වෙලාවට මේ වැටුප් වැඩි වීම් සිදුවන්නේ එහෙම නොවෙයි. සාධාරණ ක්‍රියාපටිපාටියක් දැකීම අපහසුයි. රාජ්‍ය අංශය ගත්තොත් එක විදිහක්. පෞද්ගලික අංශයේ තව විදිහක්. ඒවගේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල හැමෝටම එක හැන්දෙන් බෙදන්නෙත් නැහැ. මේ නිසා වැටුප් තලවල විෂමතා වැඩි වෙලා, වෘත්තීය ගැටළු රැසක් පැන නැඟිලා තියෙනවා.

ලංකාව ගත්තොත් සෑහෙන කාලෙක ඉඳල මේ විෂමතා තියෙනවා. ඒත් ඒවා මේ වන විට නිවැරදි කරගන්න බැරිතරම් අවුල් සහගතයි. එක අංශයක වැරැද්ද නිවැරදි කරන්න ගියොත් තවත් අංශ ගනනාවක ප්‍රශ්න ඇති වෙනවා. හැමෝටම සාධාරණ විසඳුමක් දෙන එක ලෙහෙසි නැහැ.

බොහෝ වෙලාවට රාජ්‍ය අංශය වැටුප් වැඩි කරගැනීමේ වරප්‍රසාදයක් විදිහට වැඩ වර්ජන කියන අවිය පාවිච්චි කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම විදුලි, බලශක්ති, ප්‍රවාහන, වරාය වගේ ආර්ථික මර්මස්ථාන, මහජන උපයෝගිතාවන්ට සම්බන්ධ ආයතන වල මේ වර්ජනයන් ගොඩක් සුලබයි. මේ හරහා දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නේ රටේ පොදු මහජනතාවයි. මේ නිසා රට පාලනය කළ හැම රජයකටම වගේ සිදුවෙලා තියෙනවා මේ ඉල්ලීම්වලට තාවකාලික විසඳුම් හෝ දෙන්න. නමුත් ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ. අද වැටුප් විෂමතාවය හැම ක්ෂේත්‍රයකම උග්‍ර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් අනුව වැඩ නොකර දේශපාලනික වුවණාවන් මත ප්‍රශ්න විසඳන්න යෑම නිසයි. ඒකෙන් සිදුවෙන අවුල් ජාලයම අද පක්ෂ දේශපාලන වුවමණාවන් වෙනුවෙනුත් පාවිච්චි කිරීම වෙනවා. බොහොමයක් වෘත්තීය සමිති කියන්නේ දේශපාලන පක්ෂ වලට අයිති සංවිධාන. මේ වෘත්තිය සමිති නායකයනුත් බොහොමයක් ඒ ඒ පක්ෂ වල ක්‍රියාකාරිකයන්. මේ අයගේ වෘත්තීය සටන්, වෘත්තීය සීමාවෙන් ඔබ්බට ගිහින් පක්ෂ දේශපාලන වුමණාවන් වෙනුවෙන් පාවිච්චි වීමත් වෙන නිසා දැන් නිරන්තරයෙන් වැඩ වර්ජන කිරීමත් පුරුද්දක් වෙලා. ඇත්තටම මේ ප්‍රශ්න විසඳන්න දෙන්නේ නැති තත්වයකුත් තියෙනවා කිව්වට වැරදි නැහැ.

ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශය අනෙක් රටවලට සාපේක්ෂව විශාල එකක්. එය නඩත්තු කිරීම ඒ නිසාම දුෂ්කර වෙලා තියෙනවා. 1994 වගේ කාලයක රාජ්‍ය අංශයේ හිටියේ ලක්ෂ 7 ක් වගේ. ඒත් දැන් ඒ වගේ දෙගුණයක්. මේ වර්ධනය රාජ්‍ය අංශයේ කටයුතු දෙගුණයකින් විශාල වීම නිසා ඇති වෙච්ච තත්වයක් නෙවෙයි. විෂම තත්වයක්. වර්තමාන ආර්ථික ක්‍රමවේදයන් අනුව රාජ්‍ය අංශය කුඩා වීම විය යුතුව තිබෙන්නක්. නමුත් දේශපාලනික මැදිහත් වීම් නිසා අඛණ්ඩව රාජ්‍ය අංශය විශාල වීම සිදුවෙලා තියෙනවා. දැන් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම කියන එකත් දේශපාලනික ප්‍රශ්නයක් විසඳා ගැනීමක් විදිහටයි වෙන්නේ. මේවා රජයට නිශ්චිත වුවමණාවක් නැතිව කරන බඳවාගැනීම්. මේ බොහෝ අයට නිශ්චිත රාජකාරීයක් නැහැ. නමුත් රාජ්‍ය ආදායම් වලින් සියළු වැටුප් දීමනා ගෙවනවා.

අද රජයට, බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරන්න වෙලා තියෙන්නේ වැටුප් හා දීමනා වෙනුවෙන්. මේ නිසා සංවර්ධන, සුබසාධන කටයුතු වලට යොදවන්න මුදල් සීමාවීමත් වෙලා තියෙනවා. විශ්‍රාම වැටුප් ගෙවීම ගැන බැලුවත් විශාල බරක් රටට දරන්න වෙලා තියෙනවා. මේ වෙන කොට විශ්‍රාම වැටුප රාජ්‍ය බදු ආදායමෙන් ගෙවීමේ වැරදි ක්‍රමයක් රටේ තියෙන්නේ. දැන් බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ක්‍රම. ඒකෙන් රජයට අමතර පීඩනයක් නැහැ. මේ නිසා රටට ගැලපෙන, රටට බරක් නොවන ක්‍රමයක අවශ්‍යතාව හඳුනාගෙන අප එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

කොහොම වුණත් රාජ්‍ය සේවකයාත්, විශ්‍රාමිකයාත් වැඩි වැටුප් දීමනා ඉල්ලමින් විරෝධතා වැඩවර්ජනය කිරීමත් අසාධාරණ නැහැ. රටේ තිබෙන ආර්ථික පීඩනයන් නිසා මෙහෙම ඉල්ලීම් නොඑනවා නම් තමයි පුදුම වෙන්න ඕන. ඒත් විශේෂයෙන්ම මේ වගේ කාලයක රජයට මේ ඉල්ලීම් ලබාදීම අතිශය දුෂ්කරයි. මොකද රජයේ ආදායම් සීමා සහිතයි. ආදායම් වැඩි කරන්න නම් බදු ආදායම් වැඩි කරගන්න ඕන. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒත් 2015 වසරේදි වැටුප් වැඩි වීමක් කළාට පස්සේ නැවත වත්මන් රජය මෑතක සියළු රාජ්‍ය සේවකයන්ට රු 10,000 ක් දීමනාවක් කෙසේ හෝ ලබා දුන්නේ රටේ ආර්ථික අර්බුද නිසා රාජ්‍ය සේවකයාත් පීඩනයකට ලක්වෙලා සිටි නිසා. නමුත් එතැනින් එහාට දැන්ම යන්න බැහැ.

මොකද වැටුප් විෂමතා, රටේ ආර්ථික තත්වය සහ රාජ්‍ය සේවයේ විශාලත්වය වගේ අර්බුද කිහිපයක් රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තියෙනවා. මේ ගැටළු විසඳගන්නේ නැතුව ඉස්සරහට යන්න බැහැ. බරපතලම බාධකය වැටුප් විෂමතාවයයි. 1946 ඉඳලාම වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටළු විසඳන්න විවිධ අධිකාරීන්, කොමිසම් සභා, කමිටු ආදිය විශාල ප්‍රමාණයක් පිහිටුවලා නිර්දේශ රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ එකක්වත් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා නැහැ. සමහරක් සේවක විරෝධතා වැඩවර්ජන නිසා මුළුමනින්ම බැහැර කරලා, තවත් සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රශ්නය උග්‍ර කරලත් තියෙන්නේ.

මේ අවුල ඒ ඒ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි, රටේ තවත් ක්ෂේත්‍ර ගනනාවකට බලපාන්න පුළුවන්. රටකට විදේශ ආයෝජකයන් එනකොට බලන එක දර්ශකයක් තමයි වැඩවර්ජන දර්ශකය. වැඩවර්ජන නිසා දිනකට මිනිස් පැය කොච්චර මේ රටේ නාස්තිවෙනවද බලනවා. කර්මාන්ත, ව්‍යාපාර වලට වෙන බලපෑම බලනවා. වර්ජන නැති එක මාසයක්වත් මේ රටේ නැති තරම්. සංචාරක ව්‍යාපාරයට පවා මේක බලපානවා. ඒ වගේම මේ ඉල්ලීම් නිවැරදි ප්‍රතිපත්තියක් නැතිව දෙන්න ගියාම ඒකත් සමස්ත ආර්ථිකයටම නරක විදිහට බලපානවා.

ඉතිං, වැටුප් විෂමතා ප්‍රශ්නය දැන් තියෙන්නේ ජාතික ප්‍රශ්නයක් විදිහට සලකලා විසඳන්න ඕන තැනක. ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව විසැඳීමට විශේෂඥ කමිටුවක් මෑතකදී පත් කළේ විසඳුමක් හොයන්න. දැනට තියෙන ප්‍රශ්න වලට නිශ්චිත දිගුකාලීන විසඳුමක් දැන් අවශ්‍යයි. ඒ වගේම වැටුප් හෝ දීමනා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි. රට සංවර්ධනය වෙන්න ඕන කියන වුවමණාව අපි හැමෝටම තියෙනවා. ඒ නිසා නිවැරදි ක්‍රමයට මේක විසඳගන්න අපි සහය දිය යුතුයි. ඉදිරියේ දී මොන ආණ්ඩුවක් බලයට ආවත් මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා. මග හැරලා, තාවකාලික විසදුම් දීලා තවත් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මේක දැන් වෙනස් කරන්න ඕන. ඒ වෙනුවෙන් සෑම පාර්ශ්වයක්ම නිසි අවබෝධයකින් එක්වී වැඩ කළ යුතුයි. මේ වැඩ වර්ජන තත්වය සෑම වසරකම රැල්ලක් ලෙස ක්‍රියාත්මක වීම් වැලැක්විය හැක්කේ එවැනි රටට සහ ජනතාවට යහපත්, එක්සත් විසඳුමක් හරහා පමණයි.

- සාගල රත්නායක

'මතාන්තර'
ඉරිදා ලංකාදීප
16.06.2024

Leave a comment

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us