ප්‍රථම හරිත පාසල කොළඹ ආනන්දයෙන්

Published in පුවත්
Thursday, 20 June 2024 10:18

යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධිත ඇමරිකාවේ වර්ජීනියා දූපත්හි පිහිටුවා ඇති ප්ලැනට් ග්‍රීන් ෆෝස් ( planet green force) ආයතනයේ ව්‍යාපෘතියක් වන හරිත පාසල් සංකල්පය සඳහා තෝරාගත් මෙරට ප්‍රථම පාසල ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේදී හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයට ඊයේ (19) මුල්ගල තබනු ලැබීය.

කාබන් විමෝචනය අවම කිරීම, අප ජලය කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති

උත්පාදනය හා භාවිතයට ගැනීම, කුසගින්න නිමා කිරීම, ආහාර නාස්තිය අවම කිරීම, සමුද්‍රීය පරිසර පද්ධතිය දූෂණය අවම කිරීම යන තේමාවන් ඔස්සේ ආනන්ද විද්‍යාලය තුළ ක්‍රියාත්මක හරිතානන්දය වැඩසටහනට අදාළව මෙය ක්‍රියාත්මකය.

තිරසර හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්, යුනෙස්කෝ සංවිධානයේ කාලගුණ විද්‍යා අංශයේ ප්‍රධානී බිනෝ බෝයර් ,ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග, planet green force ආයතනයේ ප්‍රධානී ආචාර්ය හරිත් වික්‍රම, ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1975 වර්ෂයේ ආනන්ද විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇති ආචාර්ය හරිත් වික්‍රම මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඊයේ මුල් ගල තැබූ හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානය ඉදිකිරීම් වෙනුවෙන් ආචාර්ය හරිත් වික්‍රම තම ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 150ක මුදලක් පාසල වෙනුවෙන් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතියේ අවසාන ප්‍රතිඵලය සතුටු පාසලක් (happy school ) සංකල්පය යථාර්ථයක් කිරීම බව ආචාර්ය හරිත් වික්‍රම පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හඳුන්වා දී ඇති වර්ෂ 2030 දී අත්පත් කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක 17ක් අතරින් ඉලක්ක 12ක් භාරවී ඇත්තේ යුනෙස්කෝ සංවිධානයටය. යුනෙස්කෝ සංවිධානයේ එක් ශාඛාවක් ලෙස ප්ලැනට් ග්‍රීන් ෆෝස් ආයතනය කටයුතු කරයි

" ගෝලීය උණුසුම ගැන හැමෝම කතා කරන මොහොතක මෙම හරිත පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීම කාලීනව වැදගත් දෙයක් විදියට අපි දකින්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධානම ධාරාවේ පාසලක් ලෙස අපි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් බිහි කරනවා වගේම පරිසරය ගැන අවබෝධයක් තියෙන අපේකම දැනෙන දරුවන් බිහි කිරීමත් අපේ යුතුකමක් වෙනවා. ඒ සඳහා දරුවන් යොමු කිරීමට මෙය කදිම තෝතැන්නක් වෙනවා.

ඇත්තටම මෙහි අරමුණ වන්නේ අපිට යමක් ලබාගැනීම නෙවෙයි. ජාතියට යමක් ලබාදීමයි අපේ අරමුණ."යයි කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක මෙම උත්සවය අමතමින් පැවැසීය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව පරිසර විනාශය අවම කිරීම, ප්ලාස්ටික් පොලිතින් භාවිතය නැවැත්වීම ආදී කරුණු ගැනද ආහාර සුරක්ෂිතතාවය හා දරුවන් වගාවට හුරු කිරීම, පර්යේෂණ කිරීම ආදී කාරණා සඳහාද ආනන්ද විද්‍යාලය සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ආහාර අවශ්‍යතාවය සඳහා නිවසේදීම වගා කිරීමට දරුවන් හුරු කර ගැනීම සඳහා පාසලේ ගුරුවරු අට දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම් පත්කර දැනටමත් දරුවන් වගාව සඳහා හුරු කරන ව්‍යාපෘතිද ආරම්භ කර ඇත.

මීට සමගාමීව ජල සම්පත සුරැකීම, පරිසරය සුරැකීම ඇතුළු කාරණා සම්බන්ධව දරුවන් දැනුවත් කිරීම සඳහා චිත්‍ර ප්‍රදර්ශන හා රචනා තරග පැවැත්වීමට ද විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us