අයහපත් කාලගුණයෙන් අවතැන් වුවන්ට කඩිනම් සහන

Published in පුවත්
Wednesday, 26 June 2024 08:49

පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

මෙහි දී අමාත්‍යවරයා ආපදාවන්ට ලක්වූ ජනතාව වෙත ඔවුන්ගේ නිවාස පිළිසකර කරගැනීම සඳහා අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධව පැමිණි සිටි නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් අනුමත කර ඇති පරිදි පුර්ණ හෝ අර්ධ නිවාස හානි වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිටත් වෙන් කර ඇති බවත්, එම මුල්‍යධාර ලබාදීම නිසි ක්‍රමවේදයක් ඔස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.

පුර්ණ වශයෙන් හානි වී ඇති එක් නිවසක් සඳහා රුපියල් ලක්‍ෂ 25ක් ලබාදීමට දැනට යෝජනා වී ඇති අතර, එවැනි නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ලබාගැනීමට යෝජනා වී ඇති බවත්, එමගින් අවශ්‍ය ශ්‍රමය ලබාගැනීමේදී ඇති වන ගැටළු මඟහරවා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් පැහැදිලි කළා.

එමෙන්ම මෙම ක්‍රියාවලියේ දී පැන නැගිය හැකි ප්‍රායෝගික ගැටලු හා ඒවාට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහි දී රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡාවට ලක් වුණා.

ඒ අනුව ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂී නිලධාරින්, ආපදා සහන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවයේ සියලු නිලධාරින්ගේ සහයෝගය මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us