තෙල් සංස්ථාව පුද්ගලීකරණය ක්‍රියාවලියේ ලොකු අවුලක්..අපේක්ෂිත ප්‍රතිලාභ වතුරේ යන හැඩ Featured

Published in පුවත්
Friday, 21 June 2024 18:52

ශ්‍රී ලංකා රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර යටතේ ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා, රටේ ඛනිජ තෙල් සිල්ලර අංශයේ කොටසක් පෞද්ගලීකරණය කිරීමේ උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියක් පසුගියදා අවසන් කරනු ලැබීය.

ද්ගලීකරණය සඳහා නම් කරන ලද මෙම අංශය මීට පෙර රජයට අයත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) සමන්විත ද්විත්ව පාලනයක් විසින් ආධිපත්‍යය දැරූ අංශයකි. මෙම ක්‍රියාවලිය යටතේ CPC ඉන්ධන පිරවුම් හල් 450ක් පෞද්ගලීකරණය කිරීමට තීරණය වූයේ, ඉදිරිපත් වන ලංසුකරුවන් අතරින් තෝරා ගන්නා සමාගම් 03 කට ඉන්ධන පිරවුම් හල් 150 බැගින් වෙන්කරමින්, හා නම් කරන ප්‍රදේශයන් හී එම සමාගම් විසින් තවත් නව පිරවුම් හල් 50 ක් අලුතින් ඉදිකිරීමට වන එකඟත්වය ද සමගිනි. නමුත් මේ ගිවිසුම්ගත කරුණ මේ වන විට කැලෑ නීතියට යමින් යම් යම් පිරිස් වල සාක්කු පුරවන ගනුදෙනුවක් බවට පත්වීමේ අවදානම මතුව ඇති සෙයක් පෙනෙයි. මේ වන විට මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාල වග කිවයුතු පාර්ශව ක්‍රියාත්මක වන ආකාරය, දක්වන කාර්යක්ෂමතාව සැලකිය යුතු ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, විනිවිදභාවය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කර ඇත.

ලාබ ලබන අංශ කුණු කොල්ලෙට දෙන්න වෑයමක්

CPC, පාඩු ලැබූ ඉතිහාසයක් තිබියදීත්, පෞද්ගලීකරණය වන විට වාර්ෂිකව රුපියල් බිලියන 30 කට වැඩි ලාභයක් උපයමින් සිටි බව ගුණුම් වාර්තා පෙන්වා දෙයි. කිසිදු ප්‍රාග්ධන ආයෝජනයක් හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමක් නොකොට ලාභ ලබන ඉන්ධන පිරවුම් හල් නවකයන්ට පැවරීමට ගත් තීරණය අවුල් සහගතය. මෙම මෙම අත්තනෝමතික ගැටළුකාරී තීරණය CPC සහ හා එහි අංශ කෙරෙහි ඉතා නරක ලෙස බල පා තිබේ, මෙම පදනම් විරහිත තීරණ නිසා ශ්‍රී ලාංකික මහජනතාවට සැලකිය යුතු ලාභයක් අහිමි කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික මූල්‍ය රැසක් නිර්මාණය වෙමින් තිබේ.

ගණුදෙනුවට එකතූ අය හා එයින් රටට වන බලපෑම පොඩිද?

මෙම ක්‍රියාවලිය යටතේ අවසානයේදී කොන්ත්‍රාත් ප්‍රදානය කළ සමාගම් 03 වූයේ සිනොපෙක් (චීන රජය සතු සමාගමක්), R.M පාර්ක්ස් (ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත පැහැදිළි තොරතුරක් හෝ ප්‍රසිද්ධ නොවූ සමාගමක්) සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ය. මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ක්ෂේත්‍රයට පිවිසීමෙන් මෙරට සිල්ලර අංශයේ කාර්යක්‍ෂමතාව සහ ආර්ථික ප්‍රතිලාභ ඉහළ නැංවීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, යථාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් විය:

1. Sinopec: නිල වශයෙන් නම් කෙරුනු පසු ක්ෂණිකව මෙහෙයුම් ආරම්භ කරන එකම සමාගම විය, Sinopec හි කාර්ය සාධනය, විශේෂයෙන්ම එය ශ්‍රී ලංකාව තුළ සිය ඉපැයීම් තබා ගන්නේද යන්න පිළිබඳව තවමත් උභතෝකෝටියක පවතී.

2. RM Parks: ෂෙල් සමඟ හවුල්කාරිත්වයක් ඇති බව හඟවමින් නොමඟ යවන ලෙස යෝජනා කළ මෙම ඇමරිකා එක්සත් ජනපද සමාගම, නම් කරනු ලැබූ පසුව මෙහෙයුම් ආරම්භ කිරීමට වසරකට වැඩි කාලයක් ගත් අතර, මෙහි තවත් සැක සංකා මතු වන තැනක් වන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු (SSCAP) සාමාජිකයින් දැන් එහි සේවකයින් ලෙස පෙනී සිටිමින් සෘජුවම සමාගම සමඟ සම්බන්ධ වී කටයුතු කරන ආකාරයයි.

3. යුනයිටඩ් පෙට්‍රෝලියම්: ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් පැමිණ සිටින සමාගමකි. නමුත් මෙම ක්‍රියාවලිය තුළ නිර්දේශ කල පැවරුම් හා නියමයන් සපුරා ගන්නට අසමත් වූ තවමත් ශ්‍රී ලංකාවට සිය පළමු භාණ්ඩ තොග ගෙන ඒමට නොහැකිව සිටියි. එම සිදුවීම් මාලාවන් එම අංශය මුහුණ දෙන ගැටලු තවත් උග්‍ර කරයි.

පසු ප්‍රතිඵලය: රටට ම ලැජ්ජ කරන, ක්‍රියාවලියක් වීමේ අවදානමක පෙර නිමිති

මෙම මෙසේ මෙම පුද්ගලීකරණ ක්‍රියාවලිය මෙවන් කලු පැල්ලම් සමගින් ඉදිරියට ගිය හොත් සමස්ත රටටත් ජනතාවටත් ප්‍රතිවිපාක විශාල වනු ඇත. අනවශ්‍ය කරදර වලට මුල පුරන ක්‍රියාවලියක් වනු ඇත.:

1. ක්ෂණික මූල්‍ය අලාභ: ලාභ ලබන ව්‍යාපාරයක් බිංදුවකට විකිණීමෙන් ආරම්භයේ සිටම රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇත.

2. මෙරට විදේශ විනිමය කාන්දු වීම: ආර්එම් පාර්ක්ස් සහ යුනයිටඩ් පෙට්‍රෝලියම් හි මෙහෙයුම් ප්‍රමාද වීම නිසා ශ්‍රී ලංකාවේ ඉතිරිව තිබිය යුතු ඩොලර් බිලියන 1 කට වැඩි මුදලක් ආපසු ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත.

3. පාරිභෝගිකයින් සඳහා අනවශ්‍ය ලෙස අධික මිලක් ඉන්ධන වෙනුවෙන් වැය කිරීමට සැලැස්වීම: කොටස්කරුවන් පස්දෙනා (CPC, IOC, සහ අලුතින් ඇතුළු වූවන් ඇතුළුව) අතර ඉහළම ආනයන මිල මත පදනම්ව සිල්ලර මිල නියම කරන මිලකරණ යාන්ත්‍රණය පාරිභෝගිකයන් සඳහා අනවශ්‍ය ලෙස අධික මිලක් සහිතව ඉන්ධන මිලදී ගැනීමට හේතු වී ඇත. RM Parks විසින් වැඩි පිරිවැයක් සහිත කුඩා යාත්‍රා භාවිතා කිරීම මෙම ප්‍රශ්නය තවත් උග්‍ර කරයි, ශ්‍රී ලාංකිකයින් මිලියන 22 කට ඛනිජ තෙල් සඳහා වැඩි මුදලක් ගෙවීමට මෙම අත්තනෝමතික වැඩපිළිවෙල බල කරයි (සාමාන්‍යයෙන් සිලෝන් පෙට්‍රෝලියම් සඳහා (CPC) පටවනු ලබන බර මෙ.ටොන් 30,000 ඉන්ධන වලට පටහැනිව ඔවුන් දැන් සිංගප්පූරුවේ මෙට්‍රික් ටොන් 15,000ක යාත්‍රාවක් පටවන බව කියති.).

4. නොමඟ යවන කොන්ත්‍රාත්තු: ෂෙල්ගේ සෘජු මැදිහත්වීමකින් තොරව කොන්ත්‍රාත්තුව සුරක්ෂිත කිරීම සඳහා RM Parks විසින් Shellගේ නම රැවටිලිකාර ලෙස භාවිතා කිරීම, Shell හී සෘජු මැදිහත්වීමක් නොමැතිව ඔවුන්ගේ ව්‍යාපාර නාමය කූට ලෙස යොදා වෙනත් නිෂ්පාදනයන් ගෙන්වමින් දැන් RM Park හි සිල්ලර විකුණුම් වලට ෂෙල් බලයලත් ඒජන්තවරයා ලෙසින් හුවා දක්වමින් වැඩි මිලක් එකතු කිරීම නිසා පාරිභෝගිකයින්ට අමතර වියදම් දැරීමට සිදුවීම .

5. මෙහෙයුම් අවිනිශ්චිතතාවය: අඛණ්ඩ ඉන්ධන සැපයුමක් හා ප්‍රමිතිගත නිෂ්පාදන මෙරටට ආනයන කිරීම වෙනුවෙන් කියා මෙම තෝරා ගැනීම් සිදු කළත් යුනයිටඩ් පෙට්‍රෝලියම් හි අක්‍රියතාව මෙම පුද්ගලීකරණය පිටුපස ඇති සඵලතාවය සහ අභිප්‍රායන් පිලිබඳ තවදුරටත් විශාල සැක සංකා මතු කරන්නට පසුබිම සකසා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ හානියක් කරන මේ වැරැද්ද හරි ගස්සන්නට නම්?

මෙම ඉන්ධන බෙදා හැරීම් පුද්ගලීකරණ ක්‍රියාවලිය සැලකිය යුතු මූල්‍ය අලාභයන්ට තුඩු දී ඇතිවා පමණක් නොව රජය සහ එහි තීරණ ගැනීමේ බලාධිකාරිය හා බලයලත් ආයතන තුළ පවතින දූෂණය සහ අකාර්යක්ෂමතාව ද හෙලිදරව් කර ඇත.

මෙම පුද්ගලික සමාගම්වලට කොන්ත්‍රාත්තු ලබා දී ඇති හිටපු SSCAP සහ CPC සාමාජිකයින්ගේ සම්බන්ධය සහ ජාතික අවශ්‍යතා ඉදිරියට තබා ගෙන සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යම් යම් ආයතනවලට ප්‍රතිලාභ ලබා දීම හා එම ප්‍රදානයන් ලබාදීමට වංචනික ලෙස ලබා ගත් සන්තෝසම් පිළිබඳවත් දැන් දැන් කනින් කොණින් හෙළිදරව් වීම හා ඉදිරියට ගැනීමට අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාවලීන්ට එල්ල වන තාඩන පීඩන දැඩි පාලන අර්බුදයක් පෙන්නුම් කරයි.

මෙම වැරැද්ද නිවැරදි කර ගන්නට නම්, මේ හරහා රටට වන අපකීර්තිය වළකා ගන්නට නම්, පොදුවේ ජනාධිපතිවරයාට හා විෂයය භාර අමාත්‍යවරයාට එල්ල විය හැකි වංචාවන්ට අනුබල දීමේ චෝදනා වලට ජනතා අධිකරණයේ නඩු විභාගයට ගන්නට පෙර දැන් වහාම මෙම පුද්ගලීකරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුක්තව විමර්ශනය කර නැවත තක්සේරු කළ යුතු අතර, අක්‍රිය සමාගම්වල කොන්ත්‍රාත්තු අවසන් කළ යුතුය, එමෙන්ම දෝෂ සහිත මිලකරණ යාන්ත්‍රණය නිවැරදි කළ යුතුය.
මූල්‍ය ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පමණක් නොව මහජන විශ්වාසය යළි ඇති කර ගැනීමටත් එවැනි වැරදි නැවත සිදු නොවීමට වගබලා ගැනීමටත් මෙම පියවර ඉතා වැදගත් වේ.

දූරදර්ශී මූලෝපායික පියවරක් ලෙස මුලින් ප්‍රශංසා කළ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරීම, වැරදි තීරණ, කළමනාකරණය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් බවට පත්ව ඇත. පොදු ජනතාවගේ දෑස් දැන් මේ මගඩිය දෙසට දැන් හොඳින් යොමු වී ඇත. ජනතාව විනිශ්චය දී සියල්ල අවසන් කිරීමට පෙර තීරණාත්මක සහ විනිවිද පෙනෙන නිවැරදි වහාම ක්‍රියාත්මක කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us