ඍජු ආයෝජන ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව සහ සෞදිය අතර අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Thursday, 20 June 2024 11:00

ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, උසස් හා ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීම, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය යනාදිය හරහා රටට ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙරටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ලංකා රජය සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත.

ඒ අනුව, 2024-04-28 හා 29 දිනවලදී සෞදිඅරාබියේ රියාද්හි පැවති ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම අතරතුරදී අදාල අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තබන ලද බවට ආයෝජන ප්‍රර්වර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us