ඖෂධ නියාමන අධිකාරිය බාල බෙහෙත් ගේන්න සමාගමකට බලපත් 286ක් දීලා!    

Published in පුවත්
Friday, 14 June 2024 20:49

නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව ඖෂධ සැපයීමට විශේෂ බලපත්‍ර 286ක් පසුගිය කාලයේ එක්තරා පෞද්ගලික සමාගමක් වෙත ඖෂධ නියාමන අධිකාරියේ බලධරයන් විසින් නිකුත් කර ඇති බව වාර්ථාවේ.

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව සහ එම ආයතනයෙන් බලපත්‍රයක් ලබා නොගෙන ඖෂධ නිෂ්පාදනය සහ ආනයනය තහනම් වුවත් එම නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව ලියාපදිංචියෙන් නිදහස් කර මෙලෙස ඖෂධ සැපයීමේ බලපත්‍ර සමාගමකට ලබා දී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව වෙත ඉදිරිපත් කළ නවතම වාර්තාවෙහි සඳහන් බව දේශය පුවත් පත වාර්තා කරයි.

ඒ අනුව මෙකී බලපත්‍ර 286 න් 38ක් යටතේ වෛද්‍ය සැපයුම් අංශයට අදාළ පෞද්ගලික සමාගම විසින් සපයා තිබූ ඖෂධ වර්ග කිසිදු විධිමත් පරීක්ෂාවකට හෝ අගැයීමකට ලක් කර නැති බවද අදාළ වාර්තාවෙහි දැක්වෙයි.

එසේම මෙලෙස රට පුරා රෝහල්වලට සපයන ලද ඖෂධවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව සහ ප්‍රත්‍යක්ෂ බව පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය වග නොකියන බවද එහි සඳහන්ය. එසේම මෙම ඖෂධ භාවිතය සම්බන්ධ වගකීම වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විසින් බාරගත යුතු යැයි ඖෂධ නියාමන අධිකාරිය විශේෂ කොන්දේසියක්ද පැනවූ බව විගණන වාර්තාවෙහි දැක්වෙයි.

මෙලෙස ඖෂධ නියාමන අධිකාරිය සිය වගකීම අත්හැර දැමීම බරපතළ ගැටලුවක් බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

වසංගත රෝගයක් වැළැක්වීම, ජාතික ආරක්ෂාව වැනි ඉතාමත් විශේෂිත අවස්ථාවකදී හදිසි ඖෂධ සැපයුමක් සඳහා ලියාපදිංචියෙන් නිදහස්ව ක්‍රියා කිරීමට ඖෂධ නියාමන අධිකාරි පනත අනුව අවසරය ඇත. එහෙත් එම අවසරය භාවිත කොට එක්තරා පෞද්ගලික සමාගමකට මෙලෙස ඖෂධ සැපයීමේ නිදහස් බලපත්‍ර 286ක් නිකුත් කිරීමත් එම ඖෂධවල ප්‍රමිතිය තහවුරැ කර නොතිබීමත් ගැටලු සහගත බව විගණන වාර්තාවෙහි විශේෂයෙන් දැක්වෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us