වාහන ගෙන්වන්න මාර්ග සිතියමක්. මුල්‍ය අරමුදලේ අනුමැතියට

Published in පුවත්
Friday, 14 June 2024 20:07

මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය.

මේ අතර ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) ප්‍රකාශ කළේය.

මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමඟ එම මාර්ග සිතියම ආරම්භ වනු ඇතැයි ඔහු පැවැසුවේය. අනතුරුව මෙම වසරේ සිව්වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා අවසර ලැබෙනු ඇති බවත් ඉතිරි වාහන සඳහා 2025 වසරේදී ක්‍රමානුකූලව අවසර ලැබෙනු ඇති බවත් බෘවර් මහතා ප්‍රකාශ කළේය.

ඉන් බදු අදායමට සහ සංචිතවලට ඇතිවන බලපෑම ඇතුළත් සවිස්තරාත්මක සැලැසුමක් එළඹෙන 15 වැනිදා වනවිට සූදානම්වී අවසන් වනු ඇතැයිද පීටර් බෘවර් මහතා පැවැසුවේය.වාහන ආනයන සීමා ලිහිල් කිරීම තුළින් ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයට සියයට 0.8 කින් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව ඔහු පැවැසුවේය.

2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ලිහිල් කිරීමටත්, මෙම වසරේ සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත එලෙස යොමුකර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වාහන ආනයනය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම, මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් යෝජනා කර ඇති බවය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us