ජනපති ඇතුළු නායකයින්ගෙන් හජ් උත්සවයට සුබ පැතුම් පණිවුඩ Featured

Published in පුවත්
Monday, 17 June 2024 09:21

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ලොව පුරා විසිරි සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම මෙදින සිදු වෙයි.

ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආධ්‍යාත්මික වටිනාකම්වලින් සමාජය තවතවත් පෝෂණය කළ යුතු බවයි.

සාමූහිකව එක්රැස්ව තමන් අදහන ආගම් සමග බැදී පවත්නා වත්පිළිවෙත් ඉටු කිරීම ඈත ඉතිහාසයේ සිටම සිදුවන්නක් බවත්, ඉස්ලාම් බැතිමතුන්ද හජ් වන්දනාවේ යෙදෙමින් සමාජයීය සහජීවනයේ අරුත සන්නිවේදනය කරන බවත් එහි දැක්වෙයි.

හජ් උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථය සමානාත්මතාවයෙන් හා සහජීවනයෙන් දිවි ගෙවීම බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි.

මේ අතර ඉතිහාසයේ පටන් විවිධ ආගමික පූජාවන් සඳහා මිනිසුන් සාමුහිකව එක් රැස් වූ අතර ආගම හා බැදුණු වත්පිළිවෙත් සුරැකීමත් එකිනෙකා අතර සහ සම්බන්ධය හා සහයෝගය ඇති කරගැනීමත් හජ් උත්සවය දා සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූබ පැතුම් පණිවුඩයක් කිතුත් කරමින් පවසයි.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , ආගමක් තුළන් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බවයි.

විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අතර ගැටුම් ඇතිකර ගන්නවා වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කමද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවුඩයෙන් සිහිපත් කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us