තාරුණ්‍යයේ අලුත් ඉසව්ව Smart Youth 2024

Published in පුවත්
Wednesday, 12 June 2024 21:49

 ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Youth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.

 

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන අතර එහි පුරෝගාමීන් ලෙස රටේ තාරුණ්‍යය පෙළ ගැස්වීම උදෙසා දැවැන්ත කාර්යභාරය සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත පැවරී ඇත.

ඒ අනුව මෙම වැඩසටහන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන වැඩසටහනකි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය වරයා පළ කළ අදහස් මෙම සැබැඳියෙන් https://web.facebook.com/watch/?mibextid=qi2Omg&v=1077402987151601&rdid=Y5CSIgnBse1max3c

ජවසම්පන්න තරුණ බලවේගයක් තුළින් තිරසාර සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකේය තරුණ පරපුර තුළ ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් Smart Youth Exibition වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව වර්තමානයේ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු ජාතික තරුණ සේවා සභාව විසින් හඳුනාගෙන ඇති අතර එම ගැටලු, අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදිය හැකි එක් ස්ථානයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ. ඒ අනුව තරුණ තරුණියන්ට මෙම ප්‍රදර්ශන මාලාව හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳා ගනිමින්, සිය අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කරමින් රට සංවර්ධනය කරා යන ගමනට තරුණයින් ලෙස දායක වන්නේ කෙසේද යන පූර්ණ ක්‍රියාවලිය එක් ස්ථානයක ගොනු කර තිබේ.

Smart Youth Exibition වැඩසටහන තුළ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රදර්ශන කලාප කිහිපයක් සහ විවිධ අංග, තරඟ සංවිධානය කර තිබේ. එනම්,

*නවීන ලෝකයට ගැළපෙන වෘත්තීය පුහුණු පාඨමාලා
*දේශීය සහ විදේශීය අධ්‍යාපන සහ රැකීරක්ෂා අවස්ථා
*ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාර ණය පහසුකම්
*Smart Agriculture
*පෞරුෂය වර්ධනය සහ නායකත්ව පුහුණුව
*ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ තාරුණ්‍යය ආකර්ශනය වන අශ්වාරෝහක සංදර්ශන, යතුරුපැදි සංදර්ශන ඇතුළු බොහෝ අංගයන්
*මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් පුනුරුත්ථාපනය සම්බන්ධ වැඩසටහන්
*සෞන්දර්ය සහ කලා කෞශල්‍ය වර්ධනය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන්
*සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ විශේෂ පහසුකම් සලසාදීමේ සේවා කුටි
*පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්ගේ සේවාව ලබාගත හැකිවීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීම
*ප්‍රදේශයේ පාසල් සම්බන්ධකොට ගත් තූර්‍යය වාදක තරඟ හා නර්තන වැඩසටහන්
*කුඩා දූ දරුවන්ට සහභාගීවිය හැකි සැණකෙළි භූමි පරිශ්‍රයක්
*තාරුණ්‍යයේ දක්ෂතා උරගා බලා රුපියල් මිලියන ගණනින් මුදල් ත්‍යාග ඇතුළු අනෙකුත් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවන්

වැඩසටහන අවසානයේ ආදරණීය තරු පිරිවරාගත් දැවැන්ත සංගීත ප්‍රසංගයක් ජුනි මස 15වැනිදා රාත්‍රී 08.00ට පැවැත්වේ.

WhatsApp Image 2024 06 12 at 20.01.07 ac471318

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us