තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ වෙන්න හදයි

Published in පුවත්
Wednesday, 12 June 2024 16:10

සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා‌වේ.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 6 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත නොකිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එහි සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ පැවසීය.

මේ හේතුවෙන් ග්‍රාමීය මාර්ග හා පාලම් ව්‍යපෘතියේ කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර රජයේ මිනින්දෝරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

එහි සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේ, මේ හේතුවෙන් උරුමය ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට බාධා මතුව ඇතිවන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us