රනිල් ඡන්දෙට එනවා, පාර්ශ්ව ගණනාවකගේ සහය ලබා ගැනිමේ සාකච්ඡා සාර්ථකයි

Published in පුවත්
Wednesday, 12 June 2024 14:50

කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක පැවසුවේය.

අද (12) පෙරවරුවේ කොළොන්නාවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වන බවත් තවත් පාර්ශව ගණනාවක සහය ලබා ගැනීම සඳහා සාකච්ජා සිදුකරන බවත් බොහෝදුරට එම සාකච්ජා සාර්ථක බවත් ඔහු එම අවස්ථාවේදී පවසා තිබේ.

එජාපය ලෙස මැතිවරණයට සූදානම් වන නමුත් ප්‍රශ්නය වන්නේ වත්මන් ජනාධිපතිවරයා තවත් වාරයක් රටට සේවය කිරීම බව ද හෙතෙම කියා සිටියේය.

මේ වන විට රටේ ස්ථාවරයක් පැවතියද යළි අතරමඟ නැවතුණහොත් යළි හිස එසවීම පහසු නැති බවයි ඔහු අවධාරණය කළේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අවශ්‍ය වෙලාවට හැම තුරුම්පුවක්ම ගහන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා යකඩ රාමුවක් වගේ ප්‍රතිපත්ති මාලාවක් රටට අවශ්‍යයි කියල. එතනට ගෙනියන රාමුව තමයි එතුමා මේ සකස් කරන්නේ. ආයෙත් ජන්දයකට බය වෙලා කෙටිකාලීන ජනතාවට හානි වෙන රටට හානි වෙන තීන්දු ගන්න කාලයක් නැහැ. දැන් අමාරු ටික ඇවිල්ල තියෙන්නේ. දැන් තියෙන්නේ ආර්ථික වර්ධනය. ජනතාවගේ අතට සල්ලි හොඳින් ගලා එන කාලය ඇතිකරන එක. ඒක අපි ලබා ගන්න ඕනේ. එතුමා කැමති වුණත් නැතත් අපි එතුමාට බලකරනවා එතුමාගේ කැමැත්ත අකමැත්ත අහල නැහැ. එතුමාව මැතිවරණයකට ගේන විදිහට වැඩ කටයුතු තමයි දැන් සූදානම් වෙන්නේ.”

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us