subash

subash

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ඉදිකිරීමට නියමිත පාවෙන සූර්ය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය නීති විරෝධී බවත් පාරිසරික හානියක් සිදු වන බවටත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් පරිසරවේදි සජීව චාමිකර අවධාරණය කරයි.

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අධි­ක­රණ බලය ගමේ ජන­තාව දක්වාම ගමන් කළ යුතුය යන ස්ථාව­රයේ වෙන­සක් නැති බවත්, නීති සකස් කර ගනි­මින් එම නීති ක්‍රියා­ත්මක කර­මින් ජන­තාව දැන­ටත් කට­යුතු කරන මර­ණා­ධාර සමිති ඊට එක් උදා­හ­ර­ණ­යක් බවත් ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික ලාල්කාන්ත කුණ්ඩ­සාලේ පැවැති ජාතික ජන බල­වේ­ගයේ ප්‍රචා­රක වැඩ­ස­ට­හ­න­කට එක්වෙ­මින් පවසයි.

ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉවත් කළ දූෂණ සහ අල්ලස් නඩු අසූ නවයක් නැවත විභාග කිරීම ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ පෙන්වා දෙයි.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව ඊයේ (30) රට පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (30) පැවැසීය.

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව දැනටමත් ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, යුරෝපා සංගමය දැනටමත් සිය විශේෂඥයින් භූමියේ තත්ත්වය පිළිබඳ පූර්ව මැතිවරණ තක්සේරුවක් සඳහා යොදවා ඇති බව වාර්ථා වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉතිහාසයේ පළමු වරට අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අද(31) වරදකරුවෙකු බවට පත්විය.

Connet With Us