ගුරු විදුහල්පති වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ස්ටාලින් කියයි

Published in පුවත්
Friday, 31 May 2024 08:38

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව ඊයේ (30) රට පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (30) පැවැසීය.

සියලු පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පැමිණ සිටි අතර පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි ඊයේ ද සිදු කර තිබිණි. මෙම වැඩවර්ජනය ගුරු විදුහල්පති අරගලය දුර්වල කරන අරගලයක් බව ද ස්ටාලින් කියා සිටියේය.. ලෙඩ නිවාඩු වාර්තා කරමින් රජයේ සහ රජයට අනුබද්ධ ආයතනවල ගුරුවරුන් ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට ගුරු විදුහල්පති සන්ධානය එක්ව නැති බව ද ඔහු ප්‍රකාශ කළේය. යම් අරගලයක් ජයගත හැකි වනුයේ එකට එක්ව බවත් ගුරු විදුහල්පති සන්ධානය අරගලයක් ඉදිරියේදී සංවිධානය කර තිබුණත් එය කඩාකප්පල් කිරීම සඳහා මෙම වැඩවර්ජනය ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහතා කීය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සංගම් රැසක් රට පුරා ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනය වතුකරයේ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ සභාපති සංකර් මණිවන්නන් මහතා පැවැසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ඉගැන්වීම් කටයුතු සමාන්‍ය පරිදි සිදු කරන බවත් ඇතැම් ගුරු වෘත්තීය සමිති මඟින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බවත් ඒ මහතා පැවැසුවේය. ගුරු වැඩවර්ජනය පැවැතිය ද දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල ආදි අධ්‍යාපන බලප්‍රදේශවල පාසල් කටයුතු මෙන්ම ගුරුවරුන්ගේ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදු වූ බව ගුරුවරු හා මවුපියෝ පවසති.

සියයට විස්සක පමණ මෙදින පාසල් ළමයින්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවත් දරුවන්ගේ පැමිණීම අඩු වී ඇත්තේ වැඩ වර්ජනය හේතුවෙන් නොව දරුවන් මේ දිනවල අසනීප තත්ත්වයෙන් පෙළීම නිසා බවත් පාසල් බස් රථ රියැදුරෝ පැවැසූහ. ගුරු විදුහල්පති වැඩවර්ජනයක් පවතින බව දරුවන් මෙන්ම ඇතැම් පාසල් බස් රථ රියැදුරන් නොදන්නා බව ද එම රියැදුරෝ ප්‍රකාශ කළහ. මෙම වැඩවර්ජනය පටු දේශපාලනික අරමුණු ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක මහතා පැවැසුවේය.

දරුවන්ට පාසල් නොයන ලෙසට යම් සංගමයක් ප්‍රකාශ කරන්නේ නම් එය ගුරු සංගමයක් නොවන බවත් මෙම අරගලය හුදෙකලා වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us