ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවකට වැරදිකරු බව අධිකරණය තීන්දු කරයි

Published in විදෙස්
Friday, 31 May 2024 08:11

ඉතිහාසයේ පළමු වරට අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අද(31) වරදකරුවෙකු බවට පත්විය.

ඒ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගයට ගැනුණු, වංචනික ව්‍යාපාරික වාර්තා සම්බන්ධ නඩුවේ වරදකරු වීමත් සමගයි..

නිව්යෝර්ක් ප්‍රාන්තයේ මැන්හැටන් අපරාධ අධිකරණයේදී සාක්ෂිකරුවන් 22 කුගේ සාක්ෂි විමසා බලමින් සති හයක කාලයක් පුරා මෙම නඩුව විභාගයට ගැනුණි.

ඊට එක්වූ ජූරි සභිකයින් 12 දෙනා දින දෙකක කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නඩුවට අදාළ චෝදනා 34ටම හිටපු ජනාධිපතිවරයා වරදකරු බවට පත් කරමින් සිය ඒකමතික තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ ය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල් චිත්‍රපට නිලියක වූ ස්ටෝමි ඩැනියෙල්ස් සමග පැවැත්වූ සබඳතා වසන් කිරීම සඳහා 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමත්, පසුව ඒ වෙනුවෙන් වංචනික මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සම්බන්ධයෙන් මෙම අපරාධ නඩුව විභාගයට ගැනුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් අදාළ මුදල් ගෙවීම සිදුකර තිබුණේ, ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයා වන මයිකල් කෝඅන් විසින් ය.

2016 ජනාධිපතිවරණය ආසන්නයේදී අදාළ නිල් චිත්‍රපට නිළිය ඇගේ කතාව මාධ්‍ය ආයතනයකට විකිණීම වැළැක්වීමට මෙම මුදල් ගෙවීම සිදුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

නඩුව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම ජූලි 11 වැනිදා සිදුවනු ඇති.

හිටපු ජනාධිපතිවරයාට සිරදඬුවම් නියම විය හැකි වුවද, විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඔහුට දඩ මුදලක් නියම වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂිතයා ලෙස තරඟ වැදීමට අපේක්ෂාවෙන් පසුවෙයි.

අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපරාධ නඩුවකට වරදකරු වූ පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට තරඟ කිරීමට කිසිදු බාධාවක් නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට පත්වීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමග, වාර්තාගත පරිත්‍යාගශීලීන් සංඛ්‍යාවක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් ලබා දීමට ඉදිරිපත් වී ඇති බවයි.

නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, එය නින්දා සහගත, දූෂිත නඩු විභාගයක් බවයි.

අවසානය දක්වා සටන් කරන බව පවසමින් ඔහු අධිකරණ ගොඩනැගිල්ලෙන් පිටව ගිය බව විදෙස් වාර්තාවල සඳහන් ය.

රහසිගත ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම, මැතිවරණය ප්‍රතිඵලවලට බලපෑම් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අදාලවද ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කර තිබීම විශේෂත්වයකි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us