ලාල් කියලා තියෙන්නේ මරණාධාර සමිති නීතිය ගැන, ආර්ථික කමිටු කියන්නේ කැලෑ කමිටු බවත් කියයි

Published in පුවත්
Friday, 31 May 2024 08:50

අධි­ක­රණ බලය ගමේ ජන­තාව දක්වාම ගමන් කළ යුතුය යන ස්ථාව­රයේ වෙන­සක් නැති බවත්, නීති සකස් කර ගනි­මින් එම නීති ක්‍රියා­ත්මක කර­මින් ජන­තාව දැන­ටත් කට­යුතු කරන මර­ණා­ධාර සමිති ඊට එක් උදා­හ­ර­ණ­යක් බවත් ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික ලාල්කාන්ත කුණ්ඩ­සාලේ පැවැති ජාතික ජන බල­වේ­ගයේ ප්‍රචා­රක වැඩ­ස­ට­හ­න­කට එක්වෙ­මින් පවසයි.

එහිදී ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

“දැනට මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ දක්වා ගමන් කර තිබෙන නීතිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලිය තව පහ­ළට යා යුතුයි. පොදු ජන­තා­වගේ අයි­තිය විධි­මත් ක්‍රම­ය­කට විද්‍යා­නු­කූ­ලව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව හරහා සම්මත කර­ගෙන ඔවුන්ට ලබා­දිය යුතුයි. ඒ ආකා­ර­යට දැන­ටත් මර­ණා­ධාර සමි­තියේ නීති හදා­ගෙන තිබෙන්නේ ජන­තා­වයි. ඒ නීතිය ක්‍රියා­ත්මක කර­න්නෙත් ජන­තා­වයි. මර­ණා­ධාර සමි­තියේ නීතිය පසි­ඳ­ල­න්නේත් ඒ අය­මයි. ජීවි­තය කියන්නේ මර­ණය විත­රක් නොවෙයි. තවත් වැඩ­ක­ට­යුතු ඕනෑ තරම් තියෙ­නවා. ඒ ඔක්කෝ­ටම පුළු­වන් මේ වගේ ව්‍යුහ­යන් හදා ගන්න. ජන­තා­වට එකතු වෙලා තම­න්ටම ව්‍යව­ස්ථාව හදා­ගන්න පුළු­වන්. තම­න්ටම ඒවා ක්‍රියා­වට නඟන්න පුළු­වන්. තම­න්ටම ඒවා පසි­ඳ­ලන්න පුළු­වන්. මේ ක්‍රමය දැන­ටත් තියෙ­නවා. අප ඒවා විධි­මත් කරලා තව තවත් පුළුල් කරලා ජන­තා­වට අව­ස්ථාව දිය යුතුයි.

ජන­තා­වගෙ බලය ජන­තා­වට දෙන්න ඕනෑ කියන ස්ථාව­රයේ වෙන­සක් නැහැ.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් නම් තියන්නේ විවාද කරන්න ඕන ඒකට ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­කයෝ මිස වෙන අය නෙවෙයි. එහෙම නැතුව කොහේ­වත් නැති කැලේ තියෙන කමිටු එක්ක මොන විවාද ද ? මේගොල්ලෝ එක්ක වාද විවාද කරලා අපට දැන­ගන්න දේකුත් නැහැ. ඒගොල්ලෝ තමයි මේ රට පාල­නය කළේ. ඒගො­ල්ලන්ගේ ප්‍රති­පත්ති නිසා තමයි රට මේ තත්ත්ව­යට වැටිලා තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ ආර්ථික ප්‍රති­ප­ත්තියේ ප්‍රති­ඵල ජන­තා­වට පේන්න තියෙ­නවා. ඇත්ත­ටම එක පැත්ත­කින් කතා කරන්න දේකුත් නැහැ. නමුත් ජන­ප­ති­ව­ර­ණ­ය­කදී සාමා­න්‍ය­යෙන් අමෙ­රි­කාව වගේ රට­වල ජනා­ධි­පති අපේ­ක්ෂ­කයෝ අතර විවාද සිදු කෙරෙ­නවා. ප්‍රති­පත්ති පැහැ­දිලි කිරීම් සිදු වෙනවා. එහෙම දෙයක් ඇති­වන එක හොඳයි. ආර්ථික කමිටු අර කමිටු මේ කමිටු සෞඛ්‍ය කමිටු කියන එක එක කැලෑ කමිටු එක්ක මේක සාකච්ඡා කරලා වැඩක් නැහැ.“

 

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us