subash
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර මුල් පෙළේ කෙනකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසිවී යන බැවින් ඊට පෙර විවාදයට පැමිණෙන ලෙස ඔහුට දන්වා සිටින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
මේ දිනවල මෙරටට බලපා ඇති අධික වර්ෂාපතන හේතුවෙන් ඇති වුණ ගංවතුර නිසා මේ වනවිට ගොවිතැනටත් දරුණු බලපෑමකට ලක් වී ඇත.
ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්ලි මහතා පවසයි.
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10 ක් මරුට ! 20කට තුවාල !
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.
අද (03)උදෑසන 5.30 න් අවසන් වූ වැඩිම වර්ෂාපතය වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
කළු, නිල්වලා සහ ගිං ගංඟා තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතියි.
ජනපති නියෝගයෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට කඩිනම් පියවර !
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.
එදා අපි කී දේ කළා නම් මෙහෙම වෙන්නෙ නෑ. අද නොකොළොත් ආපහු රට බංකොළොත් වෙනවා - ජනපති
රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
