ගාසා දරුවන් 100 කට එක වැසිකිලියයි

Published in විදෙස්
Wednesday, 05 June 2024 09:48

ගාසා තීරයේ දකුණු කෙළවරේ, රෆා නගරයට නුදුරින් පිහිටුවා ඇති සරණාගත කඳවුරක කුඩා දරුවන් 100 කට වැඩි පිරිසක් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් සියලු දෙනාට ඇත්තේ එක් පොදු වැසිකිලියක් බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි.

බටහිර මාධ්‍ය මේ බව වාර්තා කළේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමිවී, රෆා නගරයට එක් රොක් වුණු පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින ‘ඔක්ස්ෆැම්’ සංවිධානය ලබා දුන් විස්තර අනුවය. ‘ඔක්ස්ෆැම්’ යනු දිළිඳුකම පිටුදැකීමට සහ සමානාත්මතාවක් ඇති කිරීමට උත්සාහ ගන්නා රාජ්‍ය නොවන ජගත් සංවිධානයකි.

ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවටත් මායිම් වෙයි. රෆා යනු ඊජිප්තු දේශසීමා මායිමට නුදුරින් පිහිටි ගාසා නගරයයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල සිටය.

උතුරු ප්‍රදේශවල ගාසා වැසියෝ සියලු දෙනා පණ බේරා ගනිමින් රෆා නගරයට පැමිණ නගරය අවට සරණාගත කඳවුරු රැඳී සිටිති.
මේ වනවිට බටහිර රටවල විරෝධය මැද ඊශ්‍රායල හමුදා රෆා නගරයට ද ප්‍රහාර එල්ල කරයි.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us