චන්ද්‍රිකා දත්ත බ්‍රසීලය ගැන හෙළි කළ අනාවරණය

Published in විදෙස්
Saturday, 08 June 2024 13:31

බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වී තිබේ.

පසුගිය වසරේදී වැසි සමය ප්‍රමාද වීම, නියඟය සහ අධික වියළි කාලගුණය ලැව්ගිනි තීව්‍ර වීමට හේතුව වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලෝකයේ විශාලතම ඝර්මකලාපීය වනාන්තරය වන ඇමසන් වනාන්තරය මෙන්ම ලොව විශාලතම තෙත්බිම වන පැන්ටනල් "Pantanal" තෙත්බිමද පිහිටා ඇත්තේ බ්‍රසීලයේය.

එරටින්, මෙම වසරේ මේ දක්වා වාර්තා වි ඇති ලැව්ගිනි ආපදාවලින් පැන්ටනල් තෙත්භූමියට දැඩි හානි සිදුවී තිබේ.

2023 වසරට සාපේක්ෂව පැන්ටනල් තෙත්බිම්වල ලැව්ගිනි සියයට 10කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

පැන්ටනල් තෙත්බිම් කලාපය සැලකෙන්නේ ලොව ජෛව විවිධත්වයෙන් ඉහළම කලාපයක් ලෙසය.

කෙසේ වෙතත් වසර ආරම්භයේ සිට ජුනි 05 වනදා දක්වා කාලය තුළ එම කලාපයෙන් වාර්තා වන ලැව්ගිනි ආපදා පෙර වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව සියයට 980කින් ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වී තිබේ.

එය 2020 වසරෙන් පසු වාර්තාවූ ඉහළම මට්ටම බව සඳහන් වෙයි.

ඇමසන් වැසි වනාන්තරය මෙන්ම පැන්ටනල් තෙත්බිම් ද නිරන්තරයෙන් ලැව්ගිනි ආපදාවලට මුහුණ දෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පැන්ටනල් තෙත්බිම් පිහිටි මාතේ ග්‍රෝසෝ දු සුල් කලාපයට හදිසි පාරිසරික තත්ත්වයක්ද නිවේදනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

 

- අද දෙරණ 

Last modified on Saturday, 08 June 2024 13:32

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us