ප්‍රමිතියෙන් තොර බාල සබන් භාවිතයෙන් බිළිඳුන්ගේ සමෙහි සංකුලතා Featured

Published in පුවත්
Monday, 10 June 2024 09:59

ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් මව්පියන් ප්‍රමිතියෙන් තොර බාල සබන් වර්තමානයේ තම බිළිඳුන් සඳහා භාවිතා කරන බවත්, එහි බලපෑම ඇතිවන්නේ අනාගතයේදී බවයි එහි භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පැවසුවේ.

"අපිට මේ දවස්වල වාර්තා වෙලා තියෙනවා දරුවන්ගේ ඇඟේ යම් යම් අසාත්මිකතා. මේ ගැන හොයලා බලනකොට අපිට තේරුණ එක දෙයක් තමා ප්‍රමිතියෙන් තොර බාල බිළිඳු සබන් භාවිතා කිරීමෙන් තමා මේ තත්ත්වය ඇති වෙන්නේ කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මලාට තමන්ගේ දරුවන්ගේ සබන් පාවිච්චි කිරීමේ දී සැලකිලිමත් වෙන්න ඕන විශේෂම කාරණය තමා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් පාවිච්චි කරන්න කියන එක. බිළිඳු සම ඉතාම සංවේදී තැනක්. ඒ නිසා අද නෙමෙයි මෙහි ඵළවිපාක ඇති වෙන්නේ වසර ගණනාවකින්. ඒ නිසා විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය එසේ වුවත් මේ ගැන සැලකිලිමත් වෙන්න''

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us