ජීවිත තර්ජන තියෙනවා යැයි කියූ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඕන නැහැ! - හර්ෂ CIDයට දැනුම් දෙයි

Published in පුවත්
Monday, 10 June 2024 10:11

තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව හර්ෂද සිල්වාගේ එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධනට දන්වා ඇත.

හර්ෂද සිල්වා මහතා තමාට ජීවිත තර්ජනයක් ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. මේ අනුව එම ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබිණ. පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ඔහු දැනුම් දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

පරීක්ෂණයක් ආරම්භ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය ස්තුතිය පුද කරන බවත් තමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී කළ එකක් බවත් මන්ත්‍රීවරයා දැනුම්දී ඇත

තමා සම්බන්ධයෙන් දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍ය වන්නේ නම් නැවත දැනුම් දීමට කටයුතු කරන බවත් හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

හර්ෂද සිල්වා මහතා පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමා පාරේ මරා දැමුවොත් මෙම ගනුදෙනුව පිටුපස සිටින අය එහි වගකීම බාරගත යුතු බවයි.

" මේගොල්ලන් මට කියන්නෙ මොකක්ද. දුෂණ වහන්නද කියන්නේ. මෙහෙම තර්ජන කරන්න පුළුවන්ද" යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළේය.

හර්ෂද සිල්වා මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ ගැන විමර්ශන කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුද කතානායකවරයාගෙන් එහිදී ඉල්ලා සිටියහ.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us