වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අද අවස්ථාවක්

Published in පුවත්
Monday, 10 June 2024 08:33

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත.

ඒ අනුව අද දහවල් 12ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව සඳහන්ය.

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්ය.

මේ අතර අද උදෑසන කාර්යාල දුම්රිය 47ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගම සඳහන් කළේ, අද උදෑසන කාර්යාල දුම්රිය 20ක් ධාවනය නොවන බවය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් අද දිනයේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

එමෙන්ම කොළඹ කොටුවේ සිට මුහුදු බඩ මාර්ගයේ කාර්යා දුම්රිය 07ක් ධාවනය කෙරෙන අතර දුරගමන් සේවා දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us