ජවිපෙ ‘රේගුව අඩපනකර ආනයන - අපනයන නවතා දැමීමේ සුදානමක Featured

Tuesday, 11 June 2024 08:55

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් 2024 ජූනි 10 දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. Grayline 1 සහ Grayline 2 අංගනවල අතිකාල සේවයෙන් ඉවත්වීමට රේගු නිලධාරීන් මේ වන විටත් කටයුතු කර ඇත.

රේගු කටයුතු අඩපන කිරීම දිගටම සිදුවන්නේ නම් එය ආනයන අපනයන කටයුතු සඳහා දැඩි බලපෑමක් සිදු කරනු ඇත. දැනටමත් වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරීමේ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් අත්‍යශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය කිරීම, සැපයුම අඩුවීම නිසා මිල ඉහළ යාමත් අනිවාර්ය වනු ඇත.

රේගු වෘත්තීය සමිතිය මේ වන විට සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් පාලනය කරනු ලබන අතර පසුගිය දා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පුද්ගලිකම රේගු නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය. එහි ප්‍රතිඑලයක් ලෙස පසුගිය දින හය තුල වරාය හා ගුවන්තොටුපල කටයුතු අඩපන වන සේ රේගු නිලධාරීන් කටයුතු කරමින් සිටී.

ඩොලරයේ මිල පහත වැටීම හේතුවෙන් වන වාසිය මේ වන විට පාරිභෝගිකයින් වෙත ලැබීම ආරම්භ වී ඇති අතර භාණ්ඩ මිල ක්‍රමිකව පහත වැටෙමින් ඇත. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට යන්නේ නම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම හේතුවෙන් මිල ඉහළයාම බලාපොරොත්තු වියහැකිය.

ගුවත්තොටුපල රේගුවේ කටයුතු ආඩාල කිරීමට වෘත්තීය සමිති ගෙන ඇති තීරණය හේතුවෙන් නැවත ගුවන්තොටුපලවල දිගු පෝලීම් ඇතිවීම නොවැලැක්විය හැකි වනු ඇත. පසුගිය මාස 5 තුළ පමණක් සංචාරකයින් 900,000 කට අධික පිරිසක් මෙරටට පැමිණි අතර අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා ආදායම් වැඩිවීමක් සංචාරක කේෂ්ත්‍ර යේ සිදුවෙමින් තිබේ .

රේගු වෘත්තීය සමිති සටනට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ කුප්‍රකට වාහන ගෙන්වීමේ දුෂණයකට නම කියවී ඇති රේගු සහාකාර කොමසාරිස් වරයකු ඇතුළු පිරිසකි.

රේගුව මගින් අය කර ගනු ලැබන බදු සහ විවිධ දඩ මුදල්වලින් 70% ක මුදලක් රේගු නිලධාරීන් විසින් විවිධ ආකාරයෙන් තමන් සතු කර ගනු ලබන බවට චෝදනා තිබේ. ලංකාවේ පැමිණීම පිටවීම සලකුණු නොකරන සිමිත ආයතන අතරට රේගුව ද අයත්ය. සීසීටීවී කැමරා සවි කිරීමට දැරූ උත්සාහය මෙයට පෙර රේගු වෘත්තීය සමිතිය විසින් සැලසුම් සහගත ලෙස කඩාකප්පල් කර දමන ලදී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට ආදායම් උපයන දේශීය ආදායම්, සුරාබදු සහ රේගුව යන ආයතන ප්‍රතිව්‍යහගතකරණය කළ යුතු බවට නිර්දේශ ලබාදී ඇත. ඒ යටතේ දුෂණ අවම කිරීම සඳහා අවිධිමත් ගෙවීම් නැවැත්වීමටත්,බදු සම්බන්ධයෙන් ස්වයංක්‍රීය දත්ත පද්ධතියක් හදුන්වාදීමටත්, වරාය සහ ගුවත්තොටුපල රේගු අංශ ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියක් සවි කිරීමටත් කටයුතු කරමින් සිටී.

මෙම කටයුතු ආරම්භවීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රේගුවට පැමිණ රේගු නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඉන් දවස් පහක් තුල රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ විය.

රේගු කටයුතු අඩාලවීම සංචාරකයින්ගේ පැමිණීම, භාණ්ඩ ආනයනය සහ අපනයනය, රජයේ ආදායම් අහිමිවීම සහ ආනයන අපනයන භාණ්ඩ විනාශවීම වැනි ආර්ථිකයට දැඩිව බලපානු ලබන කේෂ්ත්‍ර රැසකට බලපෑම් එල්ල කරනු ඇත.

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ ස...

Connet With Us