මලාවි රාජ්‍යයේ උපජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන්

Published in විදෙස්
Tuesday, 11 June 2024 09:07

මලාවි රාජ්‍යයේ උපජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී ඇත.

මෙසෙස අතුරුදන් වී ඇත්තේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුගේ අවමංගල්‍යක් සඳහා යමින් සිටියදී උපජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් ගුවන් යානයයි.

මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානය ලිලොන්ග්වේ අගනුවරින් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත් වී තිබේ.

මලාවි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ, යානය එම්සූසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිත වූවත්, යානය පැමිණ නොමැති බවයි.

උපජනාධිපතිවරයා සහ තවත් 09 දෙනෙකු යානයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත් යානය අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව මලාවි ජනාධිපතිවරයා පැවසීය.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us