subash
නව ඇඟිලි සළකුණු සටහන් පද්ධතියෙන් අපරාධකරුවන් පහළොස් දහස් දෙසිය අනූදෙනෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ජනතාව සඳහා වඩා ප්‍රණීත කෑමබීම ලබාදීමේ අරමුණින් යුතුව නව සුඛෝපබෝගී අවන්හලක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (19) කිඹුලාවලදී විවෘත විය.
සංචාරක පාකිස්‌තානු ක්‍රිකට් කණ්‌ඩායම සමග එළැඹෙන 22 වැනිදා සිට ආරම්භ වන එක්‌දින තරගාවලියේ පළමු තරග 2 සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායමට දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරාව නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවෙන් විශ්‍රාම ගිය නිවේදකයන්ට යළිත් තැනක් ලබාදීමට තීරණය කර ඇතැයි ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
පිළිගත් චර්ම (සම) රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක් ලබා ගත හැකි කුරුලෑ ඇතුළු සම ආශ්‍රිත ප්‍රතිකාරයන්, සමෙහි රෝගී තත්ත්වයන්ට ලේසර් ප්‍රතිකාර ලබාදීම හා හිසකෙස් ආශ්‍රිත ප්‍රතිකාර සම්බන්ධ කිසිදු පුහුණුවක් නොමැති රූපලාවන්‍යාගාර ශිල්පීන් විසින් ලබාදීමට පෙළඹී ඇත.
මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් ඊයේ (19) පොලිසියට නියෝග කොට තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියාමන ක්‍රම වේදයක් සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
එංගලන්ත කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වීම හරහා ඉන්දීයාවේ ඇස් ඇරෙනු ඇති බව ශ්‍රී ලංකා කණඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පවසයි.
තම සැමියා වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් සෘජුවම හඩ්සන් සමරසිංහ මහතාට චෝදනාව එල්ල කරද්දී ඔහු ඊට විරුද්ධව තමන්ට එන්තර්වාසි එවමින් රුපියල් කෝටි 50ක් ඉල්ලා ඇති බවත් ඔහු රුපියල් 50ක් තරම්වත් වටිනා පුද්ගලයෙකු නොවන බවත් නිර්මලා අල්විස් මහත්මිය පවසයි.
පසුගියදා පොලීසිය විසින් කල වැටලීමකින් කටුගස්තොටදී අල්ලා ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 59ක් සමග මෙරටට කුඩු එවන තුන්වැනි ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවෙමින් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
