subash

subash

‘‘සිංහාවලෝකනය’’, ‘‘සුරංගනා ලොවින් ඇවිල්ලා’’, ‘‘ස්පන්දන’’ සහ ‘‘ආකර්ෂා’’ යන සිනමා කෘති නිම කරමින්, එකිනෙකට වෙනස් චිත‍්‍රපට අධ්‍යක්ෂණයේ තම හැකියාව පිළිබිමු කල සුනෙත් මාලිංග ලොකුහේවා පළමු වරට ‘හාස්‍ය’ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට ‘‘3 වරක් 3’’ චිත‍්‍රපටයෙන් උත්සාහගනියි.

පන්සල් භූමියේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි සමනේර හිමිවරු දෙනමක්  ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

හෘදය හා පෙනහලූ සම්බන්ධ කෙරෙන රුධිර නාළ ඉතා අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම නිසාවෙන් ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටි කුඩා බිළිදියකගේ ජීවිතය විශ්මිත සැත්කම් දෙකකින් පසු බේරා ගැනීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පිරිසක් සමත්වූහ.

ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඊශ‍්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවක් ඇතිකළද යළි ගැටුම් හටගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 වනතුරු ජනපති මමයි

Published in පුවත්
Wednesday, 20 August 2014 12:05

2020 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් තමන් සතු බවත් ඉදිරි ජනාධිපතිවරණයත් තමන් පහසුවෙන් ජයගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර අැත.

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 ශ්‍රේණියේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවරගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ඇතුළු ශේණි 60කට අධික සංඛ්‍යාවකට බලපා තිබෙන වැටුප් විශමතා සහ හිඟ වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 22ක් විසින් අද (20) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 
2005 වසරේ සිට 2013 දක්වා අතර කාලයේදී පත්කළ ජනාධිපති කොමිෂන් සභා 17 ක් වෙනුවෙන් රුපියල් කෝටි 27 ක් වැය කර ඇති බව ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඉදිරියේදී රුපියල් 10 යේ වටිනාකමින් යුතු කාසි දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා පක්ෂයේ ප්‍රධානින්  කිහිප දෙනෙකු සමග විරෝධය පළකර ඇත්තේ, එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Connet With Us