ඔහු එබව පැවසුවේ ඊයේ (19) තම නිල නිවසේ දී කොළඹ සිටින විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය ගැන නැගු ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.
මෙම අතර අලුත්ගම හා බේරුවෙල සිද්වු ගැටුම් සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නැවත එවැන්නක් ඇති නොවීමට හැකි සැම පියවරක්ම ගෙන ඇති බව සදහන් කළේය.
"එවැනි සිද්ධීන් වලක්වන්න අපි ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙන්නේ, මම හිතන්නේ නැහැ එවන් සිද්ධීන් යළි සිදුවෙයි කියලා" යනුවෙන් ඔහු පැවසීය.